Saturday, July 16, 2016

බහින්න පෙර හොයා බලමු (Trading Size Lots Buy Sell Long Short)

මේ  දවස්  වල  ටිකක්  වැඩ  වැඩි  උනා. නිදහසක්  තියෙන්නේ  සෙනසුරාද  හවසට  තමයි. කීප දෙනෙක්  ඉන්බොක්ස්  කරලත්  අහපු  නිසා  අද  පොඩි  හරි  කොටසක්  ලියල  දාන්න  හිතුනා.

අද  අපි  කතාකරන්නේ  ලොට්ස් (Lots) ගැන. ඒ  වගේම  අදින්  මේ මූලික  කොටස්  ඉවර  කරලා  ඊළඟ  පොස්ට්  එකේ  ඉඳන්  මාකට්  එකේ  ට්‍රේඩ්  කරන  හැටි  කතා  කරමු.

මොනවාද  ලොට්ස්  කියන්නේ. සරලවම අපි  කතා  කළා  මූල්‍ය  වෙළඳපලේ  මුදල්  ගනුදෙනු  වෙන්නේ  ඩොලර්  දහස්  ගණන්  වලින් ලක්ෂ  ගණන්  වලින්  කියල. මේ මුදල්  ප්‍රමාන  තමා  ලොට්ස්  කියල  හඳුන්වන්නේ.

උදාහරණයක්  විදියට  අපි  ගන්න කරන්සි  එක ඇමරිකන් ඩොලර්  කියල  හිතුවොත්  ඩොලර්  ලක්ෂයක ($100,000)  ප්‍රමාණයකට  තමයි  ලොට්  එකක්  නැත්නම්  සම්මත  ලොට්  එකක්  (Standard Lot) කියල  කියන්නේ. ඉතින්  කව්රුහරි  කිව්වොත්  මම  යුරෝ  ලොට්  එකක්  ට්‍රේඩ්  කළා  කියල  ඒකෙ  තේරුම  එයා  මූල්‍ය  වෙළඳපලේ  යුරෝ  ලක්ෂයක්  ට්‍රේඩ්  කරලා.

මේ  විදියට  බලපුවාම අදාළ  මුදල්  වර්ගයෙන්

100,000 (ලක්ෂයක්)                                      ලොට් 1 (1 Lot)
10,000 (දස  දහසක් )                                     මිනි ලොට් 1 (1 mini Lot)
1000 (දහසක් )                                               මයික්‍රෝ ලොට්  1 (1 micro lot)

විදියට  සලකනවා. මෙතන  සම්මත  ලොට්  එකක්  කියල  කියන්නේ  මොකද  සමහර  බ්‍රෝකර්ස්  ල  අසම්මත  වැඩ  කරනවා.  :D
ඒ  කියන්නේ  සමහර අය  ලොට්  එකක්  කිව්වට  එතන  ඇත්තටම  තියෙන්නේ මිනි  ලොට් එකක්  නැත්නම්  මයික්‍රෝ  ලොට්  එකක්. ඒක  හොර  වැඩක්  නෙවේ. අපේම  පහසුවට  කරන  දෙයක්.  පොඩ්ඩක්  විස්තර  හොයල බලපුවාම  තේරෙනවා.
ගොඩක්  වෙලාවට  බ්‍රෝකර් දෙන  මයික්‍රෝ  අකවුන්ට්  එකක  ලොට්  එකක්  කියන්නේ  මේ  මයික්‍රෝ  ලොට්  එකකට. ඒවා  අපි  එතැනදී  බලමු.
දැන්  අපි  ට්‍රේඩ්  කරනකොට  කියවෙන  ට්‍රේඩ්  සයිස්  ගැන  දන්නවා.

දැන්  ඉගන  ගත්ත  ඒවා  මතක්  වෙන්නත්  එක්ක අපි පොඩි  මතක්  කිරීමක්  කරගමු.

කලින්  දවසේ  වගේම  ට්‍රේඩින්  පෙයාර් එකේ  (XY කියල  හිතමු ) වැලියු  එක  1 කියල  හිතමු.


එහෙනම්  මම  ලොට්  එකක්  ට්‍රේඩ්  කරලා  පිප්ස්  දහයක  ප්රෝෆිට්  එකක්  ගත්තොත්  මගේ  ලාභය  කීයද  ?
(මට  ලාබය  ලැබෙන්නෙත්  ඩොලර්  වලින්  කියල  හිතමු  හරිය  )


ලොට්  එකක්  කියන්නේ       -         100,000

පිප්ස්  10  ලාබය  කියන්නේ  -          0.0010

එතකොට  ප්රෝෆිට්  එක  ආසන්න  වශයෙන්  (ගණනය  කරන්න  ලේසියට  මේ  පෙයාර්  එකේ  වැලියු  එක  1  වගේම  පිප්ස්   10න්  වැලියු  එකට  වෙන  වාසිය  නොසලකා  හැරිය  හොඳේ)


100 000 X 0.0010   = 100
එකියන්නේ  ප්රෝෆිට්  ලැබෙන  කරන්සි  එක  ඩොලර් නම්  ඩොලර්  100  යි.
යුරෝනම්  යුරෝ  100

ඒ  කියන්නේ  ලොට්  එකක්  ට්‍රේඩ්  කලාම  ආසන්නව  පීප්  එකක  වෙනසකින්  අදාළ මුදලින් 10ක්  ලාබ  ගන්න  පුළුවන්.

හරි  අපි  කරන්නේ  මිනි  සහ  මයික්‍රෝ  ලොට් නෙ  . පටන්ගන්නේ  මයික්‍රෝම  තමයි  ආ.
ඉතින් හදල  බලපුවාම  තේරෙයි

මිනිලොට්  එකකින්  පීප්  එකක්  ලාබ  ලැබුනම  ලාබය  ඒකක  එකක් (1)  වගේම
මයික්‍රෝ  ලොට්   එකකින් පීප් එකක්  ලාභ  ලැබුනම  ලාබය  ඒකක  0.1  කියල
පාඩුවක්  වන්නේනම්  පාඩුවද  මෙසේම  බව  සලකන්න  :D


හරි  දැන්  ඊළඟ  කොටස  මේක  මම  අන්තිමට  කියන්නේ  ගොඩක්  අය  පටලව ගන්න  නිසා.


දැන්  අපි කලින්  කතාකලා පෙයාර්  එකක  ට්‍රේඩ්  කරද්දී  අපි  කරන්නේ  ඉදිරියේදී  වටිනාකම  වැඩිවෙයි  කියල  හිතෙන  එක  තමයි ගන්නේ  කියල. මතක නැත්නම්  පලවෙනි  පොස්ට්  එක මෙතනින්  කියවලා  එන්න

උදාහරණයක්  හැටියට

EUR/USD

පෙයාර්  එකේ මට  EUR ගන්නත්  පුළුවන්. නැත්නම්  USD ගන්නත්  පුළුවන්.  මෙහෙම  තමා තේරුම්  ගන්න  ලේසිම  ක්‍රමේ.

ඉතින්  අපි  මේ  පෙයාර්  එකේ  පලවෙනි  කරන්සි  එක  (Base Currency) ගන්නවනම්  අපි  කියනවා  BUY කරනවා  කියලා. 

දෙවෙනි  කරන්සි  එක (Quote Currency) එක  ගන්නවනම්  අපි  කියනවා  SELL කරනවා  කියල. හරිනේ. 


ඉතින්  ගන්නවා  විකුනනවා  කතාව  අමතක  කරලා  ඕක  මතක  තියාගන්න.

BUY කරනවට  Long කියලත්
SELL කරනවට  Short කියලත්  කියනවා.  ඒක  ටිකක්  වැඩිය  භාවිතාවක්  නෑ . උඩ  කතාව මතක තියාගත්තම  ඇති.

මාකට්  එකේ  යම් අවස්තාවක

 BUY කරන  අය  BUYERS ල  කියලත්
 SELL කරන  අය  SELLERS ල  කියලත්  කියනවා



අනික  තමා  අපි  දන්නවා  මාකට්  එක  ඉහල  යනවා  කියන්නේ  පෙයාර්  එකේ  වැලියු  එක ඉහල  යනවා

නැත්නම්  Quote Currency එකට සාපේක්ෂව  Base Currency එක  ඉහල  යනවා

උදා : EUR/USD -  1.13000 ඉඳන්  1.15000 දක්වා ඉහල  යනවා


ඒ  වගේම
මාකට්  එක  පහල  යනවා  කියන්නේ  පෙයාර්  එකේ  වැලියු  එක පහල  යනවා.

නැත්නම්  Base Currency එකට සාපේක්ෂව   Quote Currency එක  ඉහල  යනවා.

උදා : EUR/USD -  1.13000 ඉඳන්  1.11000 දක්වා ඉහල  යනවා.



හරි  මේකට  මාකට්  එකේ  සත්තු  දෙන්නෙක්  යොදාගන්නවා. දෙන්න  තමා  ගොනයි(BULL)  වලහයි(BEAR) .


ඉතින්  මාකට්  එකේ  වෙන්නේ  BUYING POWER වැඩි  උනාම  මාකට්  එක  ඉහල  යනවා . ඒකට  කියනවා  BULL මාකට්  එකක්  කියල. ඒ  වගේම මාකට්  එකේ    SELLING POWER වැඩි  උනාම  මාකට්  එක  පහල   යනවා . ඒකට  කියනවා  BEAR  මාකට්  එකක්  කියල.



ඉතින්  මාකට්  එක  ඉහල  පහල  යනවා  කියන්නේ  ඇත්තටම  මාකට්  ඉහල  පහල  යනවා  නෙවේ  කරන්සි  දෙකෙන්  එකක්  අනිකට  සාපේක්ෂව  ශක්තිමත්  /දුර්වල  වීම.
ඒකයි  ගොඩක්  අය  කියන්නේ  ෆෝරෙක්ස්  වල  මාකට්  එක  ඉහල යද්දී  වගේම  පහල  යද්දිත්  ලාභ  ගන්න  පුළුවන්  කියල..ඇත්තටම  කරන්නේ  ඉස්සරහට  ශක්තිමත්  වෙන  කරන්සි  එක  අරන්  වටිනාකම  වැඩි  උනාම  ට්‍රේඩ්  කරපු  පෙයාර්  එකේ අනිත්  කරන්සි  එකෙන්  ගන්න  එක. අනික  ඉතින්  ගොනා  වාසනාවන්ත  සතෙක්  විදියට  තමා  බටහිර  අය  සලකන්නේ.  ඒකයි  මාකට්  එක  ඉහල  යනවට  BULL මාකට්  කියන්නේ. ෆෝරෙක්ස් කරන සමහරු   ඔය අන්  දෙකක්  එහෙම  දාගන  ඉන්නේ  ඒකයි . :D හැබැයි  ඉතින්  හරියට  නොදැන  මේක කරොත්  අන්දෙකක්  ඇවිල්ලත්  තමයි  නතර  වෙන්නේ. මේ  ටික  කිව්වේ  වැඩිපුර  ඉතින්.

BUY සහ  SELL කරන්නේ  මොන  අවස්ථාවේද
ට්‍රේඩින් සයිස්  (Lot , Mini Lot, Micro Lot ) දන්නවනම්  ඒවගේ  විශාලත්වය  පීප්  එකකදී  ලැබෙන  ලාබ  පාඩු ප්‍රමාණය  ගැන  අදහසක්  තියනවනම්  ප්‍රමාණවත්.


 බුකියේම  නෙවේ  මෙතනත්  පහල  කමෙන්ට්  එකක්  දාන්න  අදහස්  කියල. ප්‍රශ්න  තියේනම්  අහන්න. පුලුවන්නම්  ෂෙයාර්  කරලා  වීව්ස්  ටිකක්  වැඩි  කරලා  දෙන්න  මාත්  ඉතින්  පෘතක්ජන   මනුස්ස්යෙක්නේ. එහෙනම්  ගිහින්  එන්නම්  සැමට  ජය.  


 

Saturday, July 9, 2016

බහින්න පෙර හොයා බලමු (Leverage Trading)

මේ  කලින්  ලිපියේ  දිගුවක් විදියට  සලකන්න  පුළුවන් . කලින්  ලිපිය  කියෙව්වේ  නැත්නම් මෙතනින් ගිහින්  බලල  ආවොත්  ගොඩක්  හොඳයි. ඇත්තටම  ෆොරෙක්ස්  කරන්න  බලාපොරොත්තුවක්  තියනවනම්  මුල ඉඳන්ම  කියවල  එන්න. නැත්නම්  තේරුමක්  නෑ. මොකද  මම ගොඩක්  කරුණු  හලලා  අවශ්‍යම  වෙන  දේවල්  ටික  විතරයි  කතා  කරලා  තියෙන්නේ.
අද  එතන  ඉඳන්  බලමු ඉදිරියට...........


කලින්  ලිපියේ  අපි  පිප්ස්   පොයින්ට්ස්  ගැන  කතා  කළා. පීප්  එකක  වටිනාකම  ඩොලර්  වලින්  කීයද?
එක තමා  ඊළඟ  ප්‍රශ්නය.

අය  කියන්න  දෙයක්  නෑ  අපි  ප්‍රොෆිට්  ගන්නේ ඩොලර්  වලින්නම්     නම්  එක  පීප්  එකක්  කියන්නේ.

1 * 0.0001  (පීප් එකක්  කියන්නේ  හතරවෙනි  දසමස්තානයේ  වෙනසක් නිසා)
$ 0.0001  :D
මගේ  ප්රෝෆිට්  එක  පිප්ස්  10 යි  නම් . මම  ඉන්වෙස්ට්  කලේ  ඩොලර්  එකක්  නම්  මගේ  ප්රෝෆිට්  එක  වෙන්නේ.

0.0010 X 1  = $ 0.0010

 මේක  රුපියල්  වලින්  බැලුවොත්
0.001 X 150 = රු  0.15

ඒ  කියන්නේ  සත  15. අපොයි  මේක  හරියන්නේ  නෑ. ගානක්  හොයන්න  මට  ඩොලර්  1000  වත්  දාන්න  වෙනවා. මේක  හරියන  වැඩක්  නෙවේ.
ඔව්  කතාව  ඇත්ත . අපිට  ඩොලර්  දාහක්  වගේවත්  දාන්න  වෙනවා  එක  ට්‍රේඩ්  එකකට  සැලකිය  යුතු  විදියට  ලාබයක්  ගන්නනම්. අපට  ඉතින්  ඕක  කරන්න  බෑනේ. ඒ  නිසා  තමා  අපි  ලෙවරේජ්  ට්‍රේඩින්  වලට  යොමුවෙන්නේ

ලෙවරේජ්  ට්‍රේඩින් (Leverage Trading)

ලෙවරේජ්  ට්‍රේඩින්  කියන්නේ  අදාළ  ට්‍රේඩ්  එකේ  සම්පූර්ණ  පිරිවැයෙන්  යම් ප්‍රතිශතයක් පමණක්  යොදවා අදාළ  ට්‍රේඩ්  එක  සිදු  කිරීම. ඒ  කියන්නේ  අපි ට්‍රේඩ්  කරන  මුදලෙන් ඉතාම  සුළු  ප්‍රමාණයක්  විතරයි  අපි  යොදවන්නේ. ඉතිරි  මුදල  යොදවන්නේ  අපේ  බ්‍රෝකර්.ඒකනම්  සතුටු දායක  ආරංචියක්  වෙයි.  හැබැයි  ලෙවරේජ්  ට්‍රේඩින්  කියන්නේ  දැලිපිහියෙන්  කිරි  කනවා  වගේ  වැඩක්.  ඇත්තම  කිව්වොත්  ෆෝරෙක්ස්  අනාගත්ත  ගොඩක්  දෙනා  අනාගන  තියෙන්නේ  ෆෝරෙක්ස්  වල  තියන  මේ  ලෙවරේජ්  සංකල්පය  නිසා.

දැන්  අපි මේ  කතාව  තේරුම්  ගමු.

එක  බ්‍රෝකර්  කෙනෙක්  කියනවා  අපි  දෙනවා  1:100  ලෙවරේජ්  එකක්  කියලා.
ඒ  කියන්නේ  අපි  යොදවන්න  ඕනේ  ට්‍රේඩ්  කරන මුදලෙන්  1/100 විතරයි
එකේ  තේරුම  අපි  මෙයා  හරහා  ට්‍රේඩ්  කරනවානම් අපි  ෆෝරෙක්ස්  මාකට්  එකේ  ඩොලර්  1000  කින්  ට්‍රේඩ්  කරනවානම්  ගෙවන්න  ඕනේ  ඒ  මුදලෙන්  1/100 විතරයි.


$ 1000               X             (1/100)          =           $ 10

ඒ  කියන්නේ  අපිට  ඩොලර්  දාහක්  මූල්‍ය  වෙළඳපලේ හසුරුවන්න  අපි  ඇත්තටම  යොදවන්නේ  ඩොලර්  10  විතරයි. ඉතුරු  ටික  යොදවන්නේ  අපේ  බ්‍රෝකර්. ඒ  විතරක්නම්  මදැයි  අපි  ඒකෙන් ලබන  ලාබෙ  සම්පූර්ණයෙන්ම  අපිට  දෙනවා.  හැබැයි  ඉතින්  ලොස්  උනොත්  ඒ  ලොස්  එකත්  ගෙඩි  පිටින්  අපෙන්ම  ගලවනවා. එතකොට  බ්‍රොකර්ට  කැහිල්ලද  නැත්නම්  පිස්සුද  ?

නෑ  නෑ  අපි  දාපු  ඩොලර්  දාහම  අනිත්  කරන්සි  එකට  මාරු  කරද්දී  එන කමිෂන්  එක  එයාලගේ  තමා.

අපි  මේක  මෙහෙම  තේරුම්  ගමු.

මම  ඩොලර්  100  ෆෝරෙක්ස්  ගිණුමට  දාල  පටන් ගන්නවා.
Leverage :1:100

මම    ඩොලර්  1000 මාකට්  එකට  දානවා.

ඒ  වෙනුවෙන්  මම යොදවන්නේ  - 1000 * 1/100  = $10

ඔය  මුදලට  කියන්නේ  (margin) මාජින්  එක  කියල. දැන්  ඒක  අපි  යොදවලා   ඉවරයි.
එතකොට  මගෙ   අතේ  ඉතුරු

      $100 -  $10 = $90
මට  දැනට  වෙන  ට්‍රේඩ්  එකක්  කරන්න  $ 90  ඉතිරියි.
ඒකට  කියන්නේ  (Free Margin ) ෆ්‍රී  මාර්ජින්  කියලා

පෙයාර්  එකක  ස්ප්‍රෙඩ් (Spread) එක  3 Pips (30 points).
පෙයාර්  එකේ  වැලියු  එක  1යි  කියලම  හිතමු.  තේරුම්ගන්න  ලේසි.

දැන්  මම පිප්ස්  10  යක  ලාබයක්  ගත්තා.

ඒ  කියන්නේ

0.0010 X 1000  = $ 1

නෑ  නෑ  එහෙම  හිතුවොත්  වැරදි. මොකද  මේකෙන්  අපේ  බ්‍රෝකර්  කට  ඇරගන  ඉන්නවා  එයාගේ  පිප්ස්  3  කඩාගන්න. එක්කෝ   අපි  ට්‍රේඩ්  එක දාද්දීම නැත්නම්  ක්ලෝස්  කරද්දී  මෙයා  මේක  කඩාගන්නවා.  ඉතින් අපි  ට්‍රේඩ්  එක  පටන්ගද්දීම  අපි  ගත්ත සම්පූර්ණ මුදල්  ප්‍රමාණය  හුවමාරුවට   අදාළ ගෙවීම් බ්‍රොකර්ට ගෙවල  තමා ලාබ  ගන්න  පටන්  ගන්නේ.

ඒ  කියන්නේ  අපි මෙතැනදී  පටන්   ගන්නෙම  ඩොලර් 0.30 පාඩුවකින්. පිප්ස්  3  ලාබ  ලැබුනට  පස්සේ  තමා  අපිට  ඇත්තටම  ප්රෝෆිට්  එන්න  පටන්  ගන්නේ.

10        -          3            =           පිප්ස්  7


0.0007 X 1000  = $ 0.70




මේකේ  අනිත්  පැත්ත  උනොත්

අපි  පිප්ස්  10  පාඩුවක්  ලැබුනොත්.

ස්ප්‍රෙඩ්  එක  පිප්ස්  3ත්  එකක  අපේ  පාඩුව  පිප්ස්  13යි

-10  - 3 = -13

-0.0013 X 1000  = $ 1.30

ඒ  කියන්නේ  බ්‍රෝකර්  අපිට  ලාබ  උනත්  පාඩු  උනත්  එයාගේ  ගාන  එයා  අය  කරනවා.

ඒ  වෙනුවෙන්  තමා  එයා  අපිට  මේ  සේවාවන්  සපයන්නේ.


දැන්  අපි  ලෙවරේජ්  ට්‍රේඩින්  ගැන  තව  ටිකක්  බලමු.



මේ  විදියට  අපි  ගන්න  ලාබය  අපිට  එනවා  වගේම  අපේ  පාඩුව  අපේ  ගිණුමෙන්  අඩුවෙලා  යනවා.

මේක  නිසා  තමා  අපි  ප්‍රවේසමෙන්  ලෙවරේජ්  ට්‍රේඩින්  කරන්න  ඕනේ. පොඩි  උදාහරණයක්  බැලුවොත් . මම  ටිකක්  වැඩියෙන්  හම්බ  කරන්න  මම  ගන්නවා  ඩොලර් 10000/= කලින්  වගේ  දහ ගුණයක්

පැය  දෙකකින් බලද්දී  මගේ   ප්රෝෆිට් එක  පිප්ස්  200යි. (Spread එහෙම  අයින්  කරලා )

එතකොට  මගේ  ලාභය

0.0200  X  $  10000  = $ 200

දැන්  මගේ  ලාබය $200  මගේ  ගිණුමේ  වටිනාකම කලින්  තිබුණු  100 ත්  එක්ක  දැන්  ඩොලර්  300  යි.


බැරි වෙලාවත්  පැය  දෙකකින්  බලද්දී  ඔයාට  ලාබයක්  නැතුව  පිප්ස්  200  ක පාඩුවක්  ලැබිල.

එහෙමනම්

0.0200  X  $  10000  = $ 200
 දැන්  ඔයාගේ  ගිණුමේ  තත්වය  

$ 100     -     $200 =   -$100 

ඉතින්  මෙහෙම  වෙනකන්  බ්‍රෝකර්  බලාගන  ඉන්නේ  නෑ. මොකද  යන්නේ  එයාගේ  අතින්නේ. හරියටම  ඔයාගේ  ගිණුමේ  අගය  0  වෙද්දී  ලස්සනට  ඔයා  දාල  තිබ්බ  ට්‍රේඩ්  ක්ලෝස්  කරලා  ඔයාගේ  ගිණුමේ ඉතිරිය  0 කියල  පෙන්නයි. 

සමහර  බ්‍රොකර්ස්  ල  යම්  මට්ටමකට  - ශේෂයකට  යන්න  දෙනවා  ට්‍රේඩ්  ක්ලෝස්  නොකර. බැරි  වෙලාවත්  ඉහල  ගියොත්  ලාබය  ගන්න  පුළුවන්  වෙන්න.. මේක  තමයි  Negative Balance Protection කියන්නේ. 

ඔය  සමහරු  කියන්නේ  උදේ  ෆෝරෙක්ස්  එකවුන්ට්  එකට  සල්ලි  දාල  හවස  බලද්දී  නෑ  කියල. ඒ  කිසිම  කළමනාකරණයක්මෙ  නැතුව මේහෙම  ට්‍රේඩ්  කරන  අය තමා. 

ඉතින්  අද  අපි  ලෙවරේජ්  ට්‍රේඩින්  ගැන  ඉඟන  ගත්තා. තව  කොටසක්  ඊළඟ  ලිපියෙන්. ටයිප්  කරන්න  කම්මැලි.





Saturday, July 2, 2016

බහින්න පෙර හොයා බලමු

ෆොරෙක්ස්  කරන්න  යන්න  කලින්  දැනගන්නම  ඕනේ  දේවල්  ටිකක්  තමයි  දැන්  කියන්න  හදන්නේ. කලින්  මම කිව්වා  මූල්‍ය  වෙළඳපලේ  හුවමාරු  වෙන්නේ  එක  එක රටවල  මුදල්  ඒකක  කියල. ඒ වගේම  ලංකාවේ  රුපියල්  මෙහි  භාවිතයක්  නෑ  කියල. එහෙනම්  මොනවාද  මෙතන  භාවිතා වන  මුදල්  ඒකක.  ප්‍රධානවම  මේවා  තමයි.

  • GBP = Great British Pound
  • EUR = Euro
  • CHF = Confoederatio Helvetica Franc (Swiss Franc)
  • USD = United States Dollar
  • CAD = Canadian Dollar
  • JPY = Japanese Yen
  • AUD = Australian Dollar
  • NZD = New Zealand Dollar
දියුණු  රටවල  මුදල්  ඒකක  ටික  තමයි  ඉතින්  ඒ වගේම  ඒවාට  යෙදෙන  සංකේත  ටිකත්  මතක  තියගත්තම  හොඳයි. අඩුම ගානේ දැනට  දැක්කම  ආ  මේ  යුරෝ, මේ ඩොලර්  කියල  හඳුනාගන්න  පුලුවන්නම්  ඇති. අනිත්  දේ  තමයි  මම  කිව්වේ  මාකට්  එකේ  අපට  හම්බෙන්නේ  කරන්සි  දෙකක පෙයාර්  එකක්  විදියට කියල. ඉතින්  ඔය  ඕනෑම  එක  කරන්සි  එකක්  තවත්  එකක් එක්ක  එකතු  වෙලා පෙයාර්  එකක්  හැදෙන්න  පුළුවන්. එතකොට  අපිට  පෙයාර්  ගොඩක්  දකින්න  ලැබෙනවා. ඒත්  හැමෝම  හැම  පෙයාර්  එකකම  එල්ලෙන්නේ  නෑ. බහුතරයක්  අය  අතගහන  කරන්සි  පෙයාර්  තියනවා. ඒවා  අපි ප්‍රධාන  යුගල  (Major Currency Pairs) විදියට  අඳුන්වනවා . ඒවා  ඇමරිකන්  ඩොලරය එක්ක  තවත්  එකක්  එකතු  වෙලා  හැදෙන  ඒවා. 

  • EUR/USD
  • GBP/USD
  • USD/JPY
  • USD/CHF
  • USD/CAD
  • AUD/USD
ඉතින්  දැන්  මේවා  දැක්කාම පෙයාර්ස්  අපිට  අඳුරගන්න  පුළුවන්. මීට  අමතරම  ඇමරිකන්  ඩොලර්  එක  සම්බන්ද  නොවෙන  පෙයාර්ස්  ගොඩකුත්  තියනවා . 
EUR/JPY
GBP/JPY..........................

EUR/USD පෙයාර්  එකේ  වැලියු  එකෙන් කියවෙන්නේ  යුරෝ  එකක  වටිනාකම  ඩොලර්ස්  වලින් කීයද  කියල. 
USD/JPY පෙයාර්  එකේ  වැලියු  එකෙන් කියවෙන්නේ  ඇමරිකන්එ  ඩොලර්ක එකක  වටිනාකම  ජපන්  යෙන් වලින් කීයද  කියල. 

හරි  දැන්  මේ  පහල  ප්‍රස්තාරේ  බලන්න. සාමාන්යෙන්  වැඩි  පිරිසක්  පෙළඹිලා  තියෙන්නේ  මොන පෙයාර්  එකත්  එක්කද  කියල  අදහසක්  ගන්න  පුළුවන් අපට.


ඉතින්  ඉහලම  ඉල්ලුවම්ක්  තියෙන්නේ  EUR/USD, GBP/USD වගේ  පෙයාර්ස්  වලට  කියල  පේනවා  ඇති. ඒවාට  හේතු  අපි පසුව  කතාකරමු. 


දැන්  අපි  ඊළඟ  දේ  තැනට  යමු. ඒ  තමයි  අපට  කොහෙද  ෆොරෙක්ස්  මාකට්  එක  තියෙන්නේ ?
එක  තැනක  නෙවේ. ලෝකේ  ප්‍රධාන  රටවල්  බොහොමයක  තියනවා. වැඩි විස්තර  හොයාගන්නත්  පුළුවන්.  ඇමෙරිකාවේ  එංගලන්තේ  ඕස්ට්‍රේලියා  ජපන්  මේ  විදියට  ගොඩක්  රටවල  තියනවා. ඒ  නිසා  කොටස්  වෙළඳ  පලේ  වගේ  නෙවේ  දවසේ  පැය  24ම  වගේ දවස්  පහේම  අපට  ට්‍රේඩ්  කරන්න  පුළුවන්. 
හරියටම  කිව්වොත් ලංකාවේ අපේ  වේලාවෙන් 
සඳුදා  උදේ  පාන්දර  3 : 35 ඉඳලා  සෙනසුරාද  පාන්දර  3:20 වෙනකන්  අපිට  ට්‍රේඩ්  කරන්න  පුළුවන් 

ඒත්  ට්‍රේඩ්  නොකරන්න  ඕන  සහ කරන්න  ඕන  වෙලාවල්  අපි  වෙනම  ඉගන  ගන්න  ඕනේ. ඒක  අපි  තෝරාගන්න  පෙයාර්ස්  අනුව  වෙනස්  වෙනවා. 
ඊළඟ  දේ  තමා  අපිට  කෙලින්ම  ගිහින් මාකට්  එකේ  ට්‍රේඩ්  කරන්න  බෑ. කොටස්  වෙළඳ පලේ වගේම අපිට  මූල්‍ය  වෙලන්දපලෙත්  ආයෝජනය  කරන්න  වෙන්නේ  බ්‍රෝකර්  කෙනෙක්  හරහා. ඉතින්  බ්‍රෝකර්  කෙනෙක්  හොයාග්නිත්දිත් අපි  ගොඩක්  සැලකිලිමත්  වෙන්න  ඕනේ  කාරණා  කීපයක්  තියනවා. ඒවා  ගැන  ඉදිරි  ලිපියක  බලමු. 

දැන්  මේ පහල  තියෙන්නේ  තියෙන්නේ  බ්‍රෝකර්  කෙනෙක්  දීල  තියන  ඒ ඒ පෙයාර්ස්  වලට මේ  මම  ගත්ත  වෙලාවේ අදාළ  වටිනාකම්. 


අපිට මේ  වටිනාකම්  එක  එක  විදියට  පෙන්නන්න  පුළුවන්. මේකේ  විදියට  තියෙන්නේ EUR/USD වල  වටිනාකම 

EUR/USD     1.11365     /     418

මෙතැනදී  අපිට  වැලියුස්  දෙකක්  දීල  තියනවා  ඒක  අපට  මේ  විදියට හදාගන්න  පුළුවන් .
පලවෙනි  වැලියු  එක  සලකා  බැලුවොත්  ඒ  සඳහන්  වෙන  විදියට 

EUR/USD  =1.11365

ගොඩක්  සමාගම්  මෙම  අගයන්  දශමස්තාන  5කට  පෙන්නනවා. සමහරු  පෙන්නන්නේ  4ක්  විතරයි. ඒවගෙත්  වාසි  අවාසි  තියනවා  ටිකක්. ඒවා  අපි  බ්‍රෝකර්  කෙනෙක්  තෝරාගන්න යද්දී  සලකා   බලමු. 
දැන් මේ  EUR/USD  =1.11365  මොහොතින් මොහොත  වෙනස්  වෙනවා . ලොකු  ගණන්  නෙවේ  පොයින්ට්ස් කීපයකින්  නැත්නම්  පිප්ස්  කීපයකින්. එතකොට  මොනවාද  මේ  පොයින්ට්ස්  මොනවාද  මේ පිප්ස් .මේකත්  හොඳටම  ඔලුවේ  තියෙන්න  ඕනේ කතාවක්. 

පිප්ස්  පොයින්ට්  කියන්නේ  මේ  වටිනාකම්  වල  වෙනස  මනින ඒකක  දෙකක්.  ඉහත  අපි  කතා  කරපු  උදාහරණයේ (EUR/USD  =1.11365 ) පස්වෙනි  දසමස්තානයේ  ඒකකයකින් සිදුවන  වෙනසක්  අපි  පොයින්ට්  එකක්  කියල  කියනවා . ඒ  කියන්නේ EUR/USD  අගය 1.11365 ඉඳන් 1.11366 වෙනස්  උනා කියන්නේ එතන  වෙනස  පොයින්ට් එකයි. 

1.11366   -   1.11365    = 0.00001 
මේ වෙනසකට  තමා  අපි  පොයින්ට්  එකක්  කියල  කියන්නේ .

පිප් එකක්  කියන්නේ පොයින්ට්ස්  10ක්  නැත්නම්  හතරවෙනි  දශමස්තානයේ  ඒකකයකින්  සිදුවන  වෙනස්  කමක්. ඒ  කියන්නේ EUR/USD  අගය 1.11360 ඉඳන් 1.11370  වෙනස්  උනා කියන්නේ එතන  වෙනස  පිප්  එකයි.(නැත්නම්  පොයින්ට්ස්  10යි)

1.11370  -   1.11360    = 0.00010 
මේ වෙනසකට  තමා  අපි  පීප්   එකක්  කියල  කියන්නේ 

ඒ  අනුව අපිට පිප්ස්  පොයින්ට්ස්   සම්බන්ධය  තේරුම්  ගන්න  පුළුවන්.

මේක  පොඩ්ඩක්  වෙනස්  වෙනවා  ජපන්  යෙන්  (JPY) ආවම. එතකොට පීප් එකක්  කියන්නේ දෙවෙනි  දශමස්තානේ ඒකකයකින්  වෙන  වෙනසකට. පොයින්ට්  එකක්  කියන්නේ  තුන්වෙනි දසමස්තානේ  ඒකකයකින් වෙන වෙනසකට. 


උදා :
USD/JPY අගය 102.75 ඉඳන් 102.76 වෙනස්  උනා  කියන්නේ වෙනස  පීප්  එකයි. නැත්නම්  පිප්  එකකින්  වැඩිවෙලා. එහෙමත් නැත්නම්  පොයින්ට්ස්  දහයකින්  වැඩිවෙලා. 


USD/JPY අගය 102.753 ඉඳන් 102.754 වෙනස්  උනා  කියන්නේ වෙනස පොයින්ට්  එකයි. මෙතන බ්‍රෝකර්  පෙන්නන්නේ USD/JPY දෙවෙනි  දසමස්තානෙට විතරයි.

මේක  පැහැදිලි  නැත්නම්  දෙතුන්පාරක්  කියවල  තේරුම් ගන්න. පුළුවන්  තරම්  සරලව තමා  දැම්මේ. තෙරුනෙම  නැත්නම්  අහන්න.


ඊළඟට අපි දැක්ක EUR/USD     1.11365     /     418 මේකේ  තවත්  අගයක්. මේ  ඇත්තටම තියෙන්නේ  418 නෙවේ 1.11418 කියලා. 
එතකොට ඇත්තටම එතන  පෙන්නලා  තියෙන්නේ 

EUR/USD     1.11365        1.11418  විදියට මේ  විදියටම  පෙන්නන  අවස්ථාත්  තියනවා. ඉතින් දැන්  කොයි විදියට තිබ්බත් තේරුම් ගන්න පුළුවන්. 

මොකද  මේ  අගයන්  දෙකක්. අපි  මේ  කරන්සිස් මාරු කරනකොට  බ්රෝකර්ට අයකරන   ගාන  කියල  හිතාගන්නකෝ. ඒ  කියන්නේ  අපි  ලංකාවේදීත්  අහල  තියනවනේ  විදේශ  මුදල්වල  ගැනුම්මිල විකුණුම්  මිල  කියල  එකක්. ඒ  වගේ තමයි. 

හරි  දැන්  තේරෙනවා  අපි  ට්‍රේඩ්  එකක්  දැම්මම  බ්‍රොකර්ට ගානක්  යනවා  කියලා. මේක  උදාහරණයකින් සරල ක්‍රමයකට  අපි පැහැදිලි කරගනිමු.

1) මම  හිතනවා  ඉස්සරහට  තියන  පැය කීපයේදී ඇමරිකන්  ඩොලර්  එකට  සාපේක්ෂව යුරෝ  එක  ඉහල  යයි  කියල.

2) ඒ  කියන්නේ  දැනට  තියන EUR/USD     1.11365 අගයෙදී  තමා  අපි  ට්‍රේඩ්  එක   ඕපන්  කරන්නේ.

3) ඒත් අපට ප්රෝෆිට්  ලැබෙන්න  ගන්නේ  EUR/USD     අගය 1.11418 පහු  කලාට  පස්සේ. එතෙක්  ඒවා  ලැබෙන්නේ  බ්රෝකර්ට.

4) ඉතින්  මම මිනිත්තු කීපයකින්  EUR/USD     1.11595  දී  ට්‍රේඩ්  එක  ක්ලෝස්  කළා. 

දැන්  අපි  සිදුවීම සලකා  බලමු. 


මම  ට්‍රේඩ්  එක ඕපන් කරපු  වෙලාවේ ඉඳන්  ක්ලෝස් කරන වෙලාව එනකන්  EUR/USD  පෙයාර්  එකේ වෙනස් වීම හොයාගමු .

1.11595  - 1.11365 =0.00230


දැන්  මේ  වෙනස්  වීම  පිප්ස්  වලින්  කීයද ?
පිප් එකක්  කියන්නේ  හතරවෙනි  දසමස්තානේ  ඒකකයක වෙනසක්  නිසා දශම  තිත ඉලක්කම්  4ක් දකුණට  ගෙනියනවා. එතකොට පිප්ස් 23යි. තිත සන්ක්‍යා  5ක් ගෙනගියාම පොයින්ට්ස්  ගාන එනවා. 230 යි. පුරුදු  උනාම  හිතෙන්  හදාගන්න  පුළුවන් 

ඒත්  අපිට  ඇත්තටම  එන්නේ EUR/USD     අගය 1.11418 පහු  කලාට  පස්සේ එන පිප්ස්  ගාන  විතරයි. 

1.11595  - 1.11418 =0.00177

ඉතින් මේ  කියන්නේ  පිප්ස්  17.7 නැත්නම්  පොයින්ට්ස් 177. පිප්ස්  වලට  විතරක්  ගෙවන  බ්රෝකර්සලා ගෙවන්නේ  පිප්ස් වලට  විතරයි වගේම  එයාල  පොයින්ට්ස්  ගැන  සලකා  බලන්නේ  නෑ    කියලත්  ඔහොමම  මතක තියාගන්න

දැන්  මේ  ට්‍රේඩ්  එකේදී  බ්‍රෝකර්  අපෙන් පිප්ස් කීයක් අයකරගත්තද ? ඒක  හොයන්න  ලේසිම  ක්‍රමේ Ask Price එකෙන් Bid Price එක අඩු  කරන  එක .


EUR/USD     1.11365        1.1141
                          (ask)                   (bid)

අවුල්   වගේනම් ලොකු එකෙන් පොඩි  එක අඩු   මොකටද රටාවල්. 

  1.11418 - 1.11365    = 0.00053                (පිප්ස්  5.3 /පොයින්ට්ස් 53) 

ඒ  කියන්නේ  සාමාන්යෙන්  මේ  බ්‍රෝකර් අපි EUR/USD පෙයාර් එකෙන්  දාන  ට්‍රේඩ්  එකකින්  පොයින්ට්ස් 53 අය  කරනවා. මේකට තමයි  අපි  Spread එක කියල  කියන්නේ. 
මේක  පෙයාර්  එකෙන් එකට වෙනස් වෙනවා. ඉතින්  අපි  බ්‍රෝකර්  කෙනෙක්  තොරගනිද්දී මේ  Spread එක අඩුම කෙනෙක්  තෝරාගන්න එක  ලාබයි. 

ඉතින් මේ  පිප්  එකක්  කියන්නේ  ඩොලර්  කීයක්ද  පොයින්ට් එකක් කියන්නේ ඩොලර් කීයක්ද  කියල ඊළඟ ලිපියෙන් බලමු. ටිකක් දිග වැඩි  උනාද මන්දා . නොතේරුණු තැනක්  තිබුනොත් අහන්න. 


මෙතනින් පස්සේ  ඔයාලට කරන්සි පෙයාර්  එකක්  දැක්කම අදාළ  කරන්සි  දෙක  අදුරගන්න  පුලුවන්ද ?
පීප් (pip) එකක්  කියන්නේ  මොකද්ද ? 
පොයින්ට්  (point) එකක්  කියන්නේ  මොකද්ද ?
.පිප් (pip) එකට  පොයින්ට් කීයද ?
Spread කියන්නේ  මොකද්ද  ?

මේවට පැහැදිලි  පිලිතුරු  තියනවනම් ප්‍රමාණවත්. ඉන්න  ගමන් උඩ තියන   වගුවට අනුව  මේ  බ්‍රොකර්ගේ එක  එක  පෙයාර්  එකට  අදාළ Spread එක හොයන්න  . එතකොට තවත්  පැහැදිලි  වෙයි. අවසාන  වශයෙන්  මම  මේ  වගුව  ගත්තේ  සෙනසුරාද  දවසක  නිසා  තමා  මෙච්චර  Spread එකක්  තියෙන්නේ. මාකට්  වහල  නිසා. නැත්නම්  සාමාන්යෙන්  පිප්ස්  2  වගේ  තමා වෙන්නේ  EUR/USD වලට.. 


Friday, July 1, 2016

දැනුම්දීමක්

ඔන්න තුන්වෙනි  ලිපිය  අරන්  ආව. දැන්  කට්ටිය ලැස්ති  වෙලා  ඇති  නේද  ලක්ෂ  ගණන්  සල්ලි  හොයන්න. පොඩ්ඩක් ඉමුකො. ගොඩක්  අයට  වරදින  තැනක්  තමා  ඔතන. මෙතන  ගොඩක්  වැරැද්ද  වෙන්නේ  මේක  උගන්වන  අයගෙන්.එයාල  ඇඩ් එක  දාන්නේ එන්න  මාසිකව  ලක්ෂ ගණනින්  උපයන්න. ඉතින්  කෝස් එක  ප්‍රමෝට්.
ඒත්  ටිකක්  හොයල  බලන්න  සාර්ථක  ෆොරෙක්ස් ට්‍රේඩර්  කෙනෙක්  කියන්නේ  ලක්ෂයක් ලක්ෂ  දහයක්  කෝටියක් මාසෙන්  උපයන  කෙනෙක්  නෙවේ.පොඩිම  මුදලක්  හරි උපයන ගමන්  ඒ තත්වය  දිගටම  තියාගන්න  කෙනෙකුට.
අනිත්  ආයෝජන  ක්‍රමයක්  භාවිතා  කලාම  අපට  මාසෙකට  ලැබෙන්නේ  සාමාන්යෙන් ආයෝජනයෙන්  උපරිම  50% වගේනේ. එච්චරත්  නැති  තරම්. ඒත්  සාමහරු මේකේ හදන්නේ  ඩොලර්  100  දාල  මාසෙන්  ඩොලර්  දාස්  ගානක්  හොයන්න. එහෙම  හිතන්  ඉන්නවනම්  අපරාදේ  සල්ලි  පිටරටට විසි  කරන්නේ  නැතුව  අපේ  රට  තවත්  හිඟන  තත්වෙට  පත්  කරන්නේ  නැතුව ඒ සල්ලි  වලින්  මහජන  සම්පත  වගේ  ලොතරැයි  ටිකක්  ගන්න. කීයක්  හරි  තියෙයි. ඉතුරු  ටික  රටේ  ඉතුරු  වෙයි.
මතක  තියාගන්න  ඕනේ  පලවෙනි දේ තමයි ෆෝරෙක්ස් ඔය  කියන තරම්  සුන්දර  නෑ. අලුතෙන්  යොමුවෙන  ට්‍රේඩර්ස්ලාගෙන්  90% ලොස් වෙලා  තමා  නවතින්නේ. ඉතින් අර  10% යන්න  තමා අපි ට්‍රයි  කරන්න  ඕනේ. ඒ  ඉතුරු වෙන්නේ  මේක  හරියට  ඉගනගන නිවැරදි  වෙලාව  එනකන්  ඉවසගන  ඉඳල  හරිම  තැනදී  ට්‍රේඩ්  කරොත්  විතරයි.හරියට  රිසක්  එක  මැනේජ්  කරගත්තොත්  විතරයි .

කියන්න  ඕන  අනිත්  දේ  තමයි    බ්ලොග්  එකේ    ඉදිරියට  ගිහින්  ෆොරෙක්ස්  වලට ලියාපදිංචි  වෙන  තැන්වලදිත්  ඒවා  කරන්නේ  ඔයා. මම  කරන්නේ  උදව්  කරන  එක  විතරයි. ඕනෑම  උදව්වක්  කරන්න  පුළුවන් .  ඊට පස්සේ  මගේ  සාමාජිකයන්ට  විතරක් පෙන්වන  ආර්ටිකල්  දාන්න  බලාපොරොත්තුවකුත්  නෑ. ඕන  කෙනෙකුට  බලන්න  පුළුවන්හැ  විදියට  මම  දන්නා  දේ  මෙතන  දාන්නම්. හැබැයි  නිවාඩු  තියන  වෙලාවට  මම  මේ  කරන වැඩෙනුත්  මම  දෙයක්  බලාපොරොත්තු  වෙනවා. ඉතින්  මගේ  රිෆරල්  ලින්ක්  එකක්  ඔයාලට  දෙනවා. බය වෙන්න  එපා  ලෝකේ  පිළිගත්ත ලාභදායකම  ලංකාවේ වැඩි පිරිසක්  ඉන්න  සමාගමක  තමයි  රේගිස්ටර්  කරවන්නේ. ඒවා ඉදිරියේදී  කතා කරමු. එතනදිත්එ  ඔයා එක  තෝරාගන්නවද  නැද්ද  ඔයාගේ  තීරණයක් එතැනදී   තමයි  මට  ලාභයක්  එන්නේ  කමිෂන්  එකක්.  ඕක  වෙනුවෙන්  තමා  ගොඩක්  අය  සල්ලි  අරගන  ක්ලාස්  එකේ  තමන්ගේ  රිෆරල් විදියට  ලියාපදිංචි  කරවල  ඉක්මනට  සල්ලි  දාල  බිස්නස්  කරන්න  කියන්නේ. මොකද  එන  කමිෂන්  එක වෙනුවෙන්. ඉතින්  කරන  එකා  ලොස්  උනත්  ප්‍රොෆිට්  උනත්  අනිත්  කෙනාට  වැඩක්  නෑ.
පටන්  ගන්න  කලින්  කියන්න  තියෙන්නේ  මේක  මොලෙන්  ගහන  ගේම්  එකක්  උනාට  එහෙම  මොලෙන්  ගහන්න  අමාරුයි. මේකේ  කරන්න  පුළුවන්මොලෙන්  වගේම   පළපුරුද්දෙන්  අත්දැකීමෙන්  තමයි.  තමන්ට  තමන්  විශ්වාස  වෙනකන්  මාස  කීපයක්  හරි  ප්‍රැක්ටිස්  කරන  එක  තමා වැදගත්ම  දේ . ඒ  නිසා ෆොරෙක්ස්  කරන්න  හිතන්  ඉන්න අයට  කියන්නේ  ඉවසීමෙන්  මේක  කරන්න  බැරිනම්  ඔයාගේ  සල්ලි  අපරාදේ. එහෙම  උනොත්  මේක  සූදුවක් වගේ  වෙයි. දැනගන  හිමීට  කලොත්  මාසෙකට  සාමාන්‍ය  ආදායමක්  ගන්න  පුළුවන්. ලක්ෂ  ගණන්  ගන්න  ඕනනම්  ඒ  විදියට  ඉන්වෙස්ට්  කරන්න  වෙයි. ඒ  නිසා  මේ  ලිපි  එක්ක  දිගටම  ඉන්නවනම් අපි  ටිකක්  හිමින්  නොවැටෙන  ගමනක්  යමු.

ඉන්බෝස්ක්  එකට  ආව මැසේජ්  කීපයක්  නිසා  ලියල දැම්මේ.

ෆොරෙක්ස් සරලව 2

ඔන්න දෙවැනි ලිපියත්  අරන්  ආව. මම ලිව්වට  කාටවත්  වැඩක්  තියෙයිද  කියන්න  දන්නේ  නෑ. එත්  කීපදෙනෙක් ඉතාම උනන්දුවෙන්  අහපු  නිසාත් ඉන්බොක්ස්  කරලා  විස්තර  අහපු  නිසාත් මේ  ටිකත්  ලියල දාන්න  හිතුන.
දැන්  අපි  පසුගිය  ලිපියෙන්  ආව  ප්‍රශ්න  ගැනයි  ඉන්බොක්ස්  කරලා  අහපු  ප්‍රශ්න  ගැනයි  ටිකක්  කතා  කරමු.

1) දැන් ඔය ෆොරෙක්ස් මාර්කට්  එක  කියන එකේ  හරියටම  නම  මොකද්ද ?

"Foreign Exchange Market" සිංහලෙන් විදේශ  මුදල් හුවමාරු  වෙළඳ  පල වගේ  දාගමු.

2) ෆෝරෙක්ස් මාකට්  එක ලොකුද ?
 ඔව්  හුගාක්. ලෝකේ  ලොකුම  කොටස්  වෙළදපල  වෙන  නිව්යෝර්ක්  කොටස්  වෙළදපල වගේ පස්  හය  ගුණයක්. දවසක  හුවමාරුව  ඇමරිකන්  ඩොලර්  ට්‍රිලියන  හයකට  විතර කියනවනේ දැන් .

3) දැන්  අපිට කීයක් ඕකෙන්  හොයන්න  පුලුවන්ද ?
ඔය  උඩ  කිව්ව ගානෙන්  කැමති  ගානක්. :P :P ඒක රඳාපවතින්නේ  තමන්  මතනේ  ඉතින්.

4) කීයක්  අපි  යොදවන්න ඕනෙද ?
ඩොලර්  5නුත්  පුළුවන්. එහෙම  පටන්  ගන්නවට  වඩා හොදයි ඒකෙන් බලු  කපුටු  දානයක්  දෙන  එක. කරනවානම්   අවම ඩොලර් 100 කින්  වත්  පටන් ගන්න. මම කියන්නේ  $ 200ක්  වත්නම්  රිස්ක්  එක අඩුයි.

5) ඒ  කියන්නේ  රිසක්  එකක්  තියනවා.
  රිවොර්ඩ්ස්  වැඩි  හැම  ආයෝජනයකම  රිසක්  එකක්  තියනවා. මේකේ  ඒ  දෙකම  වැඩී. වැඩි  තන්හාවට  ගියොත් නොදැන  කලොත්  තියන  දෙකයි  පනහත්  පිටරටට  තමා.


6) කලින්  පොස්ට්  එකේ  කිව්වා  විදියට  දාන්න  සල්ලි  නෑනේ
ඊළඟ  පොස්ට්  එක  ඒ  වෙනුවෙන්.

7) සල්ලි වලට අමතරව මොනවාද  ඕනේ.?
හොඳ  ඉවසීමක්. නියම  වෙලාව  එනකන්  ඉවසන්  ඉන්න  පුළුවන්  වෙන්න  ඕනේ
පොඩි  කැපවීමක් , මම  ලියන දේවල්  ටිකවත්  කියවල  අත්හදා  බලන්න  කැපවීමක්  තිබ්බම  ඇති.

8) එතකොට අධ්‍යාපන  සුදුසුකම්
අට  පාස්නම්  වැඩිත්  එක්ක

9) වැඩේ  ෂුවර්ද ?
හෙට  ගැන නම්  කියන්න  දන්නේ  නෑ. ඒත්  අවුරුදු  ගානක  ඉඳන්  ලෝකෙම  පිළිගත්ත ලෝකයේ  ප්‍රධාන බැංකු  පවා කරන  ආයෝජන  ක්‍රමයක්.

9) කොහොමද පටන් ගන්නේ  ?
දැනටමත්  අපි  පටන්  අරන්. ටිකක්  ඉවසමු .

අනිත්  ලිපියේ  ඉඳන්  ෆෝරෙක්ස්  පටන්  ගමු

ෆොරෙක්ස් සරලව 1

කීපදෙනෙක් අහල තියන නිසා ෆොරෙක්ස් ගැන දන්නා දේවල් ටික දන්නා තරම් සරලව ටිකක් ලියල දාන්න හිතුනා. බලමු වටිනවනම් ඉදිරි ලිපි ටිකකුත් ඉඩ ලැබුණු විටක දාන්නම්. ඉතින් මාව දිරිමත් කරන්න හරිය.
වැල් වටාරම් නැතුව ෆොරෙක්ස් මාකට් එක මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් අපේ කොළඹ කොටස් වෙළඳපල වගේ මූල්‍ය වෙළඳ පලක්. වෙනස කොටස් වෙළඳ පලේ හුවමාරු වෙන්නේ සමාගම්වල කොටස්. නැත්නම් අයිතිය. මූල්‍ය වෙළඳපලේ හුවමාරුවෙන්නේ මුදල්වල වටිනාකම. හැබැයි ලෝකේ ලොකුම කොටස් වෙලන්දපලටත් වඩා හුඟාක් ලොකුයි. ඒ පුරසාරම් පසුවට.
මම ගාව ඇමරිකන් ඩොලර්ස් ටිකක් තියනවා මේක මම ගිහින් ලංකාවේ රුපියල් වලට මාරු කරනවා. මේත් ෆොරෙක්ස්ම තමයි. හැබැයි මේ තියන වටිනාකමට වඩා වටිනාකමක් ගන්න මම අද ඩොලර්ස් ටික මාරු කරන්නේ නැතුව හෙට වෙනකන් බලා ඉන්නවා. ගොඩක් විට ඩොලරයේ මිල වැඩිවෙලා අපිට ඊයේට වඩා ගානක් අතට එයි. පොඩි ලාබයක් එයි. නැත්නම් ඩොලරයේ වටිනාකම ඊයේට වඩා අඩුවෙලා අපිට පාඩුවක් වෙන්නත් ඉඩ නැතුවම නෙවේ.
දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
ඇමරිකන් ඩොලර් (USD) එකක වටිනාකම කීයද ?
උත්තරේ මොකද්ද ?
බොහෝ විට අපේ උත්තරේ රුපියල් (LKR) 145/= (වෙනස් වෙන්න පුළුවන්) සමහර අය යුරෝ වලින් කියයි නැත්නම් රත්තරන් වලින් යෙන් වලින් කියයි. උත්තරේ මොකක් උනත් පැහැදිලි උන දේ තමා කරන්සි එකක වටිනාකම කියන්න අපට තව කරන්සි එකක් ඕනේ. ඕක නිසා ෆොරෙක්ස් වෙළඳපලේ හැමවෙලේම අපට හම්බෙන්නේ මේ කරන්සි දෙකක එකතුවක්. ඒ කියන්නේ එක කරන්සි එකක වටිනාකම අනිත් කරන්සි එකෙන් පෙන්නනවා. සරලව කිව්වොත් ඩොලර් එකක් රුපියල් 145.76 . අපි මේක පෙයාර් එකක් විදියට දක්වන්නේ මෙහෙම
USD/ LKR =145.76
පෙයාර් එකක පලවෙනි කරන්සි එක Base Currency කියලත් දෙවැනි එක Quote Currency කියලත් හඳුන්වනවා. ඒවත් වැඩි කතා.
අපි ඊළඟට තේරුන් ගන්න ඕනේ USD/LKR වල අගය පෙන්නලා තියෙන්නේ ඩොලර් එකේ වටිනාකම රුපියලේ වටිනාකමෙන් බෙදීම්න් කියල. (LKR ගත්තේ තෙරුන් ගන්න , LKR මම දැකලනම් නා ෆොරෙක්ස් මාකට් එකේ යූස් වෙනවා පහුගිය අවුරුදු 3 :P )
හරි දැන් තේරුම් ගමු මේ වැලියු එක (145.76) වැඩිවෙන්න බලපාන හේතු මොනවාද ?
හේතු දෙකයි
1)එක්කෝ ඩොලර් එක ශක්තිමත් වෙලා එයාගේ වටිනාකම වැඩි වෙනවා
2) නැත්නම් අපේ රුපියලේ අගය අඩුවෙලා දුර්වල වෙනවා

ඒ වගේම USD/LKR අගය අඩුවෙන්නත් හේතු දෙකක් බලපානවා.

1)එක්කෝ ඩොලර් එක දුර්වල වෙලා ඩොලරයේ අගය අඩුවෙනවා
2) නැත්නම් අපේ රුපියල හෙනට සක්තිමත් වෙනවා.
ඉතින් ෆොරෙක්ස් මාකට් එකේදී අපට තියෙන්නේ ඔය වගේ පෙයාර් එකක් තෝරගන ,ඉස්සරහට අනිත් එකට සාපේක්ෂව අගය වැඩිවෙන එක මුදල් දීල අරගන මාකට් එකට දාන එක .ඊළඟට අපි කැමති වෙලාවක අනිත් කරන්සි එකෙන් මාකට් එකෙන් නිදහස් කරගන්න එක.
උදාහරණයක් විදියට දැන් USD/LKR අගය 150.00 කියමු. දැන් මම හිතනවා හෙට වෙද්දී ඩොලර් එක රුපියලට වඩා ශක්තිමත් වෙයි කියලා. මාර්කට් එකට දානවා ඩොලර් 1000 /=
මම වියදම් කළා ඩොලර් 1000 නැත්නම් රුපියල් 150,000/= .
දැන් දවසක් යද්දී USD/LKR අගය 160.00 ගිහින්. ඒ කියන්නේ ඩොලර් එක නැගලා. දැන් මම ෆොරෙක්ස් මාකට් එකෙන් මගේ බිස්නස් එක ක්ලෝස් කරලා සල්ලි ටික ගන්න හදන්නේ. මාකට් එකට දැම්මේ මම ඩොලර්ස් වලින්. මෙතන බිස්නස් කරන්නේ ඩොලර් සහ රුපියල් විතරයි. එහෙනම් මට ආපහු ගන්න වෙන්නේ රුපියල් වලින්.
මගේ ඩොලර් 1000 ට දැන් වටිනාකම ගානේ 160.00 මට ලැබෙනවා RS 160,000/=
දැන් තේරෙනවා මට මෙතන රුපියල් 10000/= ලාබයක් ඇවිත්
මගේ ලාභය රුපියල් 10000/= නැත්නම් දැන් ඩොලර් වලින් කිව්වොත් අද ඩොලර් එකේ වටිනාකම වෙන 160න් බෙදනවා.
එතකොට මට එනවා ඩොලර්ස් 62.50 . ඉතින් මට ඩොලර් 1000 දාල මම ඩොලර් 62.50 ලාභ ගත්ත.
දැන් දෙවෙනි අවස්තාව .
මට හිතෙනවා හෙට වෙද්දී ඩොලර් එක නෙවේ ශක්තිමත් වෙන්නේ රුපියල. මොකද මහා බැංකු අධිපති තුමා මාරුවෙනවා. ඉතින් මට හිතෙනවා එහෙම. එහෙනම් හෙට ඩොලරයට සාපේක්ෂව වටිනාකම වැඩි වෙන්නේ රුපියලේ. (එහෙම හිතමු ඉතින්) .
එහෙම හිතල මම රුපියල් 90000/= (බෙදන්න ලේසි වෙන්න ) දානවා මාකට් එකට. දැන් USD/LKR අගය 150යි. එකියන්නේ මේකේ ඩොලර් වලින් වටිනාකම
90000/150 =600
ඩොලර් 600. හැබැයි මම දාල තියෙන්නේ රුපියල් වලින් හරිය.
දැන් ඔන්න හෙට.
ඩොලර් එකේ ගාන 140ට බැහැල . ඒ කියන්නේ USD/LKR අගය දැන් 140.00
මම මාකට් එකට දැම්මේ රුපියල් වලින්. එහෙනම් මට ආපහු ලැබෙන්නේ අනිත් කරන්සි එකෙන්. USD වලින්.
මම මාකට් එකට දාපු රුපියල් 90000 අද මට ඩොලර් වලින් ලැබෙනවා .
90000 /140 =$642.85
ඒ කියන්නේ මට ඩොලර් වලින් 42.85 ලාභයක් ලැබිල. නැත්නම් රුපියල් වලින්
42.85 * 140 (අද වටිනාකම )= රු 5999/=
හරි මූල්‍ය වෙළඳ පලේ සිද්ධ වෙන්නේ ඔය වගේ වැඩක්. දැන් මේ ගැන හොයල නැති යට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා.
කොහෙන්ද ඔච්චර සල්ලි?
ඔකේ අනික් පැත්ත උනොත් ලොස් නේද ?
අම්මෝ එච්චර පුලුවන් ද?
ඔය කිව්වට ඔහොම රුපියල වෙනස් වෙන්නේ නෑනේ දවසකට රු 10 කින්.
මේ හැම දේකටම උත්තර අපට හොයාගන්න පුළුවන්. ඉඩ ලැබුණු විටක කතාකරමු. පුටෝ එකකුත් දැම්ම ඒක හොයන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ.