Friday, July 1, 2016

ෆොරෙක්ස් සරලව 2

ඔන්න දෙවැනි ලිපියත්  අරන්  ආව. මම ලිව්වට  කාටවත්  වැඩක්  තියෙයිද  කියන්න  දන්නේ  නෑ. එත්  කීපදෙනෙක් ඉතාම උනන්දුවෙන්  අහපු  නිසාත් ඉන්බොක්ස්  කරලා  විස්තර  අහපු  නිසාත් මේ  ටිකත්  ලියල දාන්න  හිතුන.
දැන්  අපි  පසුගිය  ලිපියෙන්  ආව  ප්‍රශ්න  ගැනයි  ඉන්බොක්ස්  කරලා  අහපු  ප්‍රශ්න  ගැනයි  ටිකක්  කතා  කරමු.

1) දැන් ඔය ෆොරෙක්ස් මාර්කට්  එක  කියන එකේ  හරියටම  නම  මොකද්ද ?

"Foreign Exchange Market" සිංහලෙන් විදේශ  මුදල් හුවමාරු  වෙළඳ  පල වගේ  දාගමු.

2) ෆෝරෙක්ස් මාකට්  එක ලොකුද ?
 ඔව්  හුගාක්. ලෝකේ  ලොකුම  කොටස්  වෙළදපල  වෙන  නිව්යෝර්ක්  කොටස්  වෙළදපල වගේ පස්  හය  ගුණයක්. දවසක  හුවමාරුව  ඇමරිකන්  ඩොලර්  ට්‍රිලියන  හයකට  විතර කියනවනේ දැන් .

3) දැන්  අපිට කීයක් ඕකෙන්  හොයන්න  පුලුවන්ද ?
ඔය  උඩ  කිව්ව ගානෙන්  කැමති  ගානක්. :P :P ඒක රඳාපවතින්නේ  තමන්  මතනේ  ඉතින්.

4) කීයක්  අපි  යොදවන්න ඕනෙද ?
ඩොලර්  5නුත්  පුළුවන්. එහෙම  පටන්  ගන්නවට  වඩා හොදයි ඒකෙන් බලු  කපුටු  දානයක්  දෙන  එක. කරනවානම්   අවම ඩොලර් 100 කින්  වත්  පටන් ගන්න. මම කියන්නේ  $ 200ක්  වත්නම්  රිස්ක්  එක අඩුයි.

5) ඒ  කියන්නේ  රිසක්  එකක්  තියනවා.
  රිවොර්ඩ්ස්  වැඩි  හැම  ආයෝජනයකම  රිසක්  එකක්  තියනවා. මේකේ  ඒ  දෙකම  වැඩී. වැඩි  තන්හාවට  ගියොත් නොදැන  කලොත්  තියන  දෙකයි  පනහත්  පිටරටට  තමා.


6) කලින්  පොස්ට්  එකේ  කිව්වා  විදියට  දාන්න  සල්ලි  නෑනේ
ඊළඟ  පොස්ට්  එක  ඒ  වෙනුවෙන්.

7) සල්ලි වලට අමතරව මොනවාද  ඕනේ.?
හොඳ  ඉවසීමක්. නියම  වෙලාව  එනකන්  ඉවසන්  ඉන්න  පුළුවන්  වෙන්න  ඕනේ
පොඩි  කැපවීමක් , මම  ලියන දේවල්  ටිකවත්  කියවල  අත්හදා  බලන්න  කැපවීමක්  තිබ්බම  ඇති.

8) එතකොට අධ්‍යාපන  සුදුසුකම්
අට  පාස්නම්  වැඩිත්  එක්ක

9) වැඩේ  ෂුවර්ද ?
හෙට  ගැන නම්  කියන්න  දන්නේ  නෑ. ඒත්  අවුරුදු  ගානක  ඉඳන්  ලෝකෙම  පිළිගත්ත ලෝකයේ  ප්‍රධාන බැංකු  පවා කරන  ආයෝජන  ක්‍රමයක්.

9) කොහොමද පටන් ගන්නේ  ?
දැනටමත්  අපි  පටන්  අරන්. ටිකක්  ඉවසමු .

අනිත්  ලිපියේ  ඉඳන්  ෆෝරෙක්ස්  පටන්  ගමු

No comments:

Post a Comment