Friday, July 1, 2016

දැනුම්දීමක්

ඔන්න තුන්වෙනි  ලිපිය  අරන්  ආව. දැන්  කට්ටිය ලැස්ති  වෙලා  ඇති  නේද  ලක්ෂ  ගණන්  සල්ලි  හොයන්න. පොඩ්ඩක් ඉමුකො. ගොඩක්  අයට  වරදින  තැනක්  තමා  ඔතන. මෙතන  ගොඩක්  වැරැද්ද  වෙන්නේ  මේක  උගන්වන  අයගෙන්.එයාල  ඇඩ් එක  දාන්නේ එන්න  මාසිකව  ලක්ෂ ගණනින්  උපයන්න. ඉතින්  කෝස් එක  ප්‍රමෝට්.
ඒත්  ටිකක්  හොයල  බලන්න  සාර්ථක  ෆොරෙක්ස් ට්‍රේඩර්  කෙනෙක්  කියන්නේ  ලක්ෂයක් ලක්ෂ  දහයක්  කෝටියක් මාසෙන්  උපයන  කෙනෙක්  නෙවේ.පොඩිම  මුදලක්  හරි උපයන ගමන්  ඒ තත්වය  දිගටම  තියාගන්න  කෙනෙකුට.
අනිත්  ආයෝජන  ක්‍රමයක්  භාවිතා  කලාම  අපට  මාසෙකට  ලැබෙන්නේ  සාමාන්යෙන් ආයෝජනයෙන්  උපරිම  50% වගේනේ. එච්චරත්  නැති  තරම්. ඒත්  සාමහරු මේකේ හදන්නේ  ඩොලර්  100  දාල  මාසෙන්  ඩොලර්  දාස්  ගානක්  හොයන්න. එහෙම  හිතන්  ඉන්නවනම්  අපරාදේ  සල්ලි  පිටරටට විසි  කරන්නේ  නැතුව  අපේ  රට  තවත්  හිඟන  තත්වෙට  පත්  කරන්නේ  නැතුව ඒ සල්ලි  වලින්  මහජන  සම්පත  වගේ  ලොතරැයි  ටිකක්  ගන්න. කීයක්  හරි  තියෙයි. ඉතුරු  ටික  රටේ  ඉතුරු  වෙයි.
මතක  තියාගන්න  ඕනේ  පලවෙනි දේ තමයි ෆෝරෙක්ස් ඔය  කියන තරම්  සුන්දර  නෑ. අලුතෙන්  යොමුවෙන  ට්‍රේඩර්ස්ලාගෙන්  90% ලොස් වෙලා  තමා  නවතින්නේ. ඉතින් අර  10% යන්න  තමා අපි ට්‍රයි  කරන්න  ඕනේ. ඒ  ඉතුරු වෙන්නේ  මේක  හරියට  ඉගනගන නිවැරදි  වෙලාව  එනකන්  ඉවසගන  ඉඳල  හරිම  තැනදී  ට්‍රේඩ්  කරොත්  විතරයි.හරියට  රිසක්  එක  මැනේජ්  කරගත්තොත්  විතරයි .

කියන්න  ඕන  අනිත්  දේ  තමයි    බ්ලොග්  එකේ    ඉදිරියට  ගිහින්  ෆොරෙක්ස්  වලට ලියාපදිංචි  වෙන  තැන්වලදිත්  ඒවා  කරන්නේ  ඔයා. මම  කරන්නේ  උදව්  කරන  එක  විතරයි. ඕනෑම  උදව්වක්  කරන්න  පුළුවන් .  ඊට පස්සේ  මගේ  සාමාජිකයන්ට  විතරක් පෙන්වන  ආර්ටිකල්  දාන්න  බලාපොරොත්තුවකුත්  නෑ. ඕන  කෙනෙකුට  බලන්න  පුළුවන්හැ  විදියට  මම  දන්නා  දේ  මෙතන  දාන්නම්. හැබැයි  නිවාඩු  තියන  වෙලාවට  මම  මේ  කරන වැඩෙනුත්  මම  දෙයක්  බලාපොරොත්තු  වෙනවා. ඉතින්  මගේ  රිෆරල්  ලින්ක්  එකක්  ඔයාලට  දෙනවා. බය වෙන්න  එපා  ලෝකේ  පිළිගත්ත ලාභදායකම  ලංකාවේ වැඩි පිරිසක්  ඉන්න  සමාගමක  තමයි  රේගිස්ටර්  කරවන්නේ. ඒවා ඉදිරියේදී  කතා කරමු. එතනදිත්එ  ඔයා එක  තෝරාගන්නවද  නැද්ද  ඔයාගේ  තීරණයක් එතැනදී   තමයි  මට  ලාභයක්  එන්නේ  කමිෂන්  එකක්.  ඕක  වෙනුවෙන්  තමා  ගොඩක්  අය  සල්ලි  අරගන  ක්ලාස්  එකේ  තමන්ගේ  රිෆරල් විදියට  ලියාපදිංචි  කරවල  ඉක්මනට  සල්ලි  දාල  බිස්නස්  කරන්න  කියන්නේ. මොකද  එන  කමිෂන්  එක වෙනුවෙන්. ඉතින්  කරන  එකා  ලොස්  උනත්  ප්‍රොෆිට්  උනත්  අනිත්  කෙනාට  වැඩක්  නෑ.
පටන්  ගන්න  කලින්  කියන්න  තියෙන්නේ  මේක  මොලෙන්  ගහන  ගේම්  එකක්  උනාට  එහෙම  මොලෙන්  ගහන්න  අමාරුයි. මේකේ  කරන්න  පුළුවන්මොලෙන්  වගේම   පළපුරුද්දෙන්  අත්දැකීමෙන්  තමයි.  තමන්ට  තමන්  විශ්වාස  වෙනකන්  මාස  කීපයක්  හරි  ප්‍රැක්ටිස්  කරන  එක  තමා වැදගත්ම  දේ . ඒ  නිසා ෆොරෙක්ස්  කරන්න  හිතන්  ඉන්න අයට  කියන්නේ  ඉවසීමෙන්  මේක  කරන්න  බැරිනම්  ඔයාගේ  සල්ලි  අපරාදේ. එහෙම  උනොත්  මේක  සූදුවක් වගේ  වෙයි. දැනගන  හිමීට  කලොත්  මාසෙකට  සාමාන්‍ය  ආදායමක්  ගන්න  පුළුවන්. ලක්ෂ  ගණන්  ගන්න  ඕනනම්  ඒ  විදියට  ඉන්වෙස්ට්  කරන්න  වෙයි. ඒ  නිසා  මේ  ලිපි  එක්ක  දිගටම  ඉන්නවනම් අපි  ටිකක්  හිමින්  නොවැටෙන  ගමනක්  යමු.

ඉන්බෝස්ක්  එකට  ආව මැසේජ්  කීපයක්  නිසා  ලියල දැම්මේ.

No comments:

Post a Comment