Saturday, July 9, 2016

බහින්න පෙර හොයා බලමු (Leverage Trading)

මේ  කලින්  ලිපියේ  දිගුවක් විදියට  සලකන්න  පුළුවන් . කලින්  ලිපිය  කියෙව්වේ  නැත්නම් මෙතනින් ගිහින්  බලල  ආවොත්  ගොඩක්  හොඳයි. ඇත්තටම  ෆොරෙක්ස්  කරන්න  බලාපොරොත්තුවක්  තියනවනම්  මුල ඉඳන්ම  කියවල  එන්න. නැත්නම්  තේරුමක්  නෑ. මොකද  මම ගොඩක්  කරුණු  හලලා  අවශ්‍යම  වෙන  දේවල්  ටික  විතරයි  කතා  කරලා  තියෙන්නේ.
අද  එතන  ඉඳන්  බලමු ඉදිරියට...........


කලින්  ලිපියේ  අපි  පිප්ස්   පොයින්ට්ස්  ගැන  කතා  කළා. පීප්  එකක  වටිනාකම  ඩොලර්  වලින්  කීයද?
එක තමා  ඊළඟ  ප්‍රශ්නය.

අය  කියන්න  දෙයක්  නෑ  අපි  ප්‍රොෆිට්  ගන්නේ ඩොලර්  වලින්නම්     නම්  එක  පීප්  එකක්  කියන්නේ.

1 * 0.0001  (පීප් එකක්  කියන්නේ  හතරවෙනි  දසමස්තානයේ  වෙනසක් නිසා)
$ 0.0001  :D
මගේ  ප්රෝෆිට්  එක  පිප්ස්  10 යි  නම් . මම  ඉන්වෙස්ට්  කලේ  ඩොලර්  එකක්  නම්  මගේ  ප්රෝෆිට්  එක  වෙන්නේ.

0.0010 X 1  = $ 0.0010

 මේක  රුපියල්  වලින්  බැලුවොත්
0.001 X 150 = රු  0.15

ඒ  කියන්නේ  සත  15. අපොයි  මේක  හරියන්නේ  නෑ. ගානක්  හොයන්න  මට  ඩොලර්  1000  වත්  දාන්න  වෙනවා. මේක  හරියන  වැඩක්  නෙවේ.
ඔව්  කතාව  ඇත්ත . අපිට  ඩොලර්  දාහක්  වගේවත්  දාන්න  වෙනවා  එක  ට්‍රේඩ්  එකකට  සැලකිය  යුතු  විදියට  ලාබයක්  ගන්නනම්. අපට  ඉතින්  ඕක  කරන්න  බෑනේ. ඒ  නිසා  තමා  අපි  ලෙවරේජ්  ට්‍රේඩින්  වලට  යොමුවෙන්නේ

ලෙවරේජ්  ට්‍රේඩින් (Leverage Trading)

ලෙවරේජ්  ට්‍රේඩින්  කියන්නේ  අදාළ  ට්‍රේඩ්  එකේ  සම්පූර්ණ  පිරිවැයෙන්  යම් ප්‍රතිශතයක් පමණක්  යොදවා අදාළ  ට්‍රේඩ්  එක  සිදු  කිරීම. ඒ  කියන්නේ  අපි ට්‍රේඩ්  කරන  මුදලෙන් ඉතාම  සුළු  ප්‍රමාණයක්  විතරයි  අපි  යොදවන්නේ. ඉතිරි  මුදල  යොදවන්නේ  අපේ  බ්‍රෝකර්.ඒකනම්  සතුටු දායක  ආරංචියක්  වෙයි.  හැබැයි  ලෙවරේජ්  ට්‍රේඩින්  කියන්නේ  දැලිපිහියෙන්  කිරි  කනවා  වගේ  වැඩක්.  ඇත්තම  කිව්වොත්  ෆෝරෙක්ස්  අනාගත්ත  ගොඩක්  දෙනා  අනාගන  තියෙන්නේ  ෆෝරෙක්ස්  වල  තියන  මේ  ලෙවරේජ්  සංකල්පය  නිසා.

දැන්  අපි මේ  කතාව  තේරුම්  ගමු.

එක  බ්‍රෝකර්  කෙනෙක්  කියනවා  අපි  දෙනවා  1:100  ලෙවරේජ්  එකක්  කියලා.
ඒ  කියන්නේ  අපි  යොදවන්න  ඕනේ  ට්‍රේඩ්  කරන මුදලෙන්  1/100 විතරයි
එකේ  තේරුම  අපි  මෙයා  හරහා  ට්‍රේඩ්  කරනවානම් අපි  ෆෝරෙක්ස්  මාකට්  එකේ  ඩොලර්  1000  කින්  ට්‍රේඩ්  කරනවානම්  ගෙවන්න  ඕනේ  ඒ  මුදලෙන්  1/100 විතරයි.


$ 1000               X             (1/100)          =           $ 10

ඒ  කියන්නේ  අපිට  ඩොලර්  දාහක්  මූල්‍ය  වෙළඳපලේ හසුරුවන්න  අපි  ඇත්තටම  යොදවන්නේ  ඩොලර්  10  විතරයි. ඉතුරු  ටික  යොදවන්නේ  අපේ  බ්‍රෝකර්. ඒ  විතරක්නම්  මදැයි  අපි  ඒකෙන් ලබන  ලාබෙ  සම්පූර්ණයෙන්ම  අපිට  දෙනවා.  හැබැයි  ඉතින්  ලොස්  උනොත්  ඒ  ලොස්  එකත්  ගෙඩි  පිටින්  අපෙන්ම  ගලවනවා. එතකොට  බ්‍රොකර්ට  කැහිල්ලද  නැත්නම්  පිස්සුද  ?

නෑ  නෑ  අපි  දාපු  ඩොලර්  දාහම  අනිත්  කරන්සි  එකට  මාරු  කරද්දී  එන කමිෂන්  එක  එයාලගේ  තමා.

අපි  මේක  මෙහෙම  තේරුම්  ගමු.

මම  ඩොලර්  100  ෆෝරෙක්ස්  ගිණුමට  දාල  පටන් ගන්නවා.
Leverage :1:100

මම    ඩොලර්  1000 මාකට්  එකට  දානවා.

ඒ  වෙනුවෙන්  මම යොදවන්නේ  - 1000 * 1/100  = $10

ඔය  මුදලට  කියන්නේ  (margin) මාජින්  එක  කියල. දැන්  ඒක  අපි  යොදවලා   ඉවරයි.
එතකොට  මගෙ   අතේ  ඉතුරු

      $100 -  $10 = $90
මට  දැනට  වෙන  ට්‍රේඩ්  එකක්  කරන්න  $ 90  ඉතිරියි.
ඒකට  කියන්නේ  (Free Margin ) ෆ්‍රී  මාර්ජින්  කියලා

පෙයාර්  එකක  ස්ප්‍රෙඩ් (Spread) එක  3 Pips (30 points).
පෙයාර්  එකේ  වැලියු  එක  1යි  කියලම  හිතමු.  තේරුම්ගන්න  ලේසි.

දැන්  මම පිප්ස්  10  යක  ලාබයක්  ගත්තා.

ඒ  කියන්නේ

0.0010 X 1000  = $ 1

නෑ  නෑ  එහෙම  හිතුවොත්  වැරදි. මොකද  මේකෙන්  අපේ  බ්‍රෝකර්  කට  ඇරගන  ඉන්නවා  එයාගේ  පිප්ස්  3  කඩාගන්න. එක්කෝ   අපි  ට්‍රේඩ්  එක දාද්දීම නැත්නම්  ක්ලෝස්  කරද්දී  මෙයා  මේක  කඩාගන්නවා.  ඉතින් අපි  ට්‍රේඩ්  එක  පටන්ගද්දීම  අපි  ගත්ත සම්පූර්ණ මුදල්  ප්‍රමාණය  හුවමාරුවට   අදාළ ගෙවීම් බ්‍රොකර්ට ගෙවල  තමා ලාබ  ගන්න  පටන්  ගන්නේ.

ඒ  කියන්නේ  අපි මෙතැනදී  පටන්   ගන්නෙම  ඩොලර් 0.30 පාඩුවකින්. පිප්ස්  3  ලාබ  ලැබුනට  පස්සේ  තමා  අපිට  ඇත්තටම  ප්රෝෆිට්  එන්න  පටන්  ගන්නේ.

10        -          3            =           පිප්ස්  7


0.0007 X 1000  = $ 0.70




මේකේ  අනිත්  පැත්ත  උනොත්

අපි  පිප්ස්  10  පාඩුවක්  ලැබුනොත්.

ස්ප්‍රෙඩ්  එක  පිප්ස්  3ත්  එකක  අපේ  පාඩුව  පිප්ස්  13යි

-10  - 3 = -13

-0.0013 X 1000  = $ 1.30

ඒ  කියන්නේ  බ්‍රෝකර්  අපිට  ලාබ  උනත්  පාඩු  උනත්  එයාගේ  ගාන  එයා  අය  කරනවා.

ඒ  වෙනුවෙන්  තමා  එයා  අපිට  මේ  සේවාවන්  සපයන්නේ.


දැන්  අපි  ලෙවරේජ්  ට්‍රේඩින්  ගැන  තව  ටිකක්  බලමු.



මේ  විදියට  අපි  ගන්න  ලාබය  අපිට  එනවා  වගේම  අපේ  පාඩුව  අපේ  ගිණුමෙන්  අඩුවෙලා  යනවා.

මේක  නිසා  තමා  අපි  ප්‍රවේසමෙන්  ලෙවරේජ්  ට්‍රේඩින්  කරන්න  ඕනේ. පොඩි  උදාහරණයක්  බැලුවොත් . මම  ටිකක්  වැඩියෙන්  හම්බ  කරන්න  මම  ගන්නවා  ඩොලර් 10000/= කලින්  වගේ  දහ ගුණයක්

පැය  දෙකකින් බලද්දී  මගේ   ප්රෝෆිට් එක  පිප්ස්  200යි. (Spread එහෙම  අයින්  කරලා )

එතකොට  මගේ  ලාභය

0.0200  X  $  10000  = $ 200

දැන්  මගේ  ලාබය $200  මගේ  ගිණුමේ  වටිනාකම කලින්  තිබුණු  100 ත්  එක්ක  දැන්  ඩොලර්  300  යි.


බැරි වෙලාවත්  පැය  දෙකකින්  බලද්දී  ඔයාට  ලාබයක්  නැතුව  පිප්ස්  200  ක පාඩුවක්  ලැබිල.

එහෙමනම්

0.0200  X  $  10000  = $ 200
 දැන්  ඔයාගේ  ගිණුමේ  තත්වය  

$ 100     -     $200 =   -$100 

ඉතින්  මෙහෙම  වෙනකන්  බ්‍රෝකර්  බලාගන  ඉන්නේ  නෑ. මොකද  යන්නේ  එයාගේ  අතින්නේ. හරියටම  ඔයාගේ  ගිණුමේ  අගය  0  වෙද්දී  ලස්සනට  ඔයා  දාල  තිබ්බ  ට්‍රේඩ්  ක්ලෝස්  කරලා  ඔයාගේ  ගිණුමේ ඉතිරිය  0 කියල  පෙන්නයි. 

සමහර  බ්‍රොකර්ස්  ල  යම්  මට්ටමකට  - ශේෂයකට  යන්න  දෙනවා  ට්‍රේඩ්  ක්ලෝස්  නොකර. බැරි  වෙලාවත්  ඉහල  ගියොත්  ලාබය  ගන්න  පුළුවන්  වෙන්න.. මේක  තමයි  Negative Balance Protection කියන්නේ. 

ඔය  සමහරු  කියන්නේ  උදේ  ෆෝරෙක්ස්  එකවුන්ට්  එකට  සල්ලි  දාල  හවස  බලද්දී  නෑ  කියල. ඒ  කිසිම  කළමනාකරණයක්මෙ  නැතුව මේහෙම  ට්‍රේඩ්  කරන  අය තමා. 

ඉතින්  අද  අපි  ලෙවරේජ්  ට්‍රේඩින්  ගැන  ඉඟන  ගත්තා. තව  කොටසක්  ඊළඟ  ලිපියෙන්. ටයිප්  කරන්න  කම්මැලි.





No comments:

Post a Comment