Friday, July 1, 2016

ෆොරෙක්ස් සරලව 1

කීපදෙනෙක් අහල තියන නිසා ෆොරෙක්ස් ගැන දන්නා දේවල් ටික දන්නා තරම් සරලව ටිකක් ලියල දාන්න හිතුනා. බලමු වටිනවනම් ඉදිරි ලිපි ටිකකුත් ඉඩ ලැබුණු විටක දාන්නම්. ඉතින් මාව දිරිමත් කරන්න හරිය.
වැල් වටාරම් නැතුව ෆොරෙක්ස් මාකට් එක මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් අපේ කොළඹ කොටස් වෙළඳපල වගේ මූල්‍ය වෙළඳ පලක්. වෙනස කොටස් වෙළඳ පලේ හුවමාරු වෙන්නේ සමාගම්වල කොටස්. නැත්නම් අයිතිය. මූල්‍ය වෙළඳපලේ හුවමාරුවෙන්නේ මුදල්වල වටිනාකම. හැබැයි ලෝකේ ලොකුම කොටස් වෙලන්දපලටත් වඩා හුඟාක් ලොකුයි. ඒ පුරසාරම් පසුවට.
මම ගාව ඇමරිකන් ඩොලර්ස් ටිකක් තියනවා මේක මම ගිහින් ලංකාවේ රුපියල් වලට මාරු කරනවා. මේත් ෆොරෙක්ස්ම තමයි. හැබැයි මේ තියන වටිනාකමට වඩා වටිනාකමක් ගන්න මම අද ඩොලර්ස් ටික මාරු කරන්නේ නැතුව හෙට වෙනකන් බලා ඉන්නවා. ගොඩක් විට ඩොලරයේ මිල වැඩිවෙලා අපිට ඊයේට වඩා ගානක් අතට එයි. පොඩි ලාබයක් එයි. නැත්නම් ඩොලරයේ වටිනාකම ඊයේට වඩා අඩුවෙලා අපිට පාඩුවක් වෙන්නත් ඉඩ නැතුවම නෙවේ.
දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
ඇමරිකන් ඩොලර් (USD) එකක වටිනාකම කීයද ?
උත්තරේ මොකද්ද ?
බොහෝ විට අපේ උත්තරේ රුපියල් (LKR) 145/= (වෙනස් වෙන්න පුළුවන්) සමහර අය යුරෝ වලින් කියයි නැත්නම් රත්තරන් වලින් යෙන් වලින් කියයි. උත්තරේ මොකක් උනත් පැහැදිලි උන දේ තමා කරන්සි එකක වටිනාකම කියන්න අපට තව කරන්සි එකක් ඕනේ. ඕක නිසා ෆොරෙක්ස් වෙළඳපලේ හැමවෙලේම අපට හම්බෙන්නේ මේ කරන්සි දෙකක එකතුවක්. ඒ කියන්නේ එක කරන්සි එකක වටිනාකම අනිත් කරන්සි එකෙන් පෙන්නනවා. සරලව කිව්වොත් ඩොලර් එකක් රුපියල් 145.76 . අපි මේක පෙයාර් එකක් විදියට දක්වන්නේ මෙහෙම
USD/ LKR =145.76
පෙයාර් එකක පලවෙනි කරන්සි එක Base Currency කියලත් දෙවැනි එක Quote Currency කියලත් හඳුන්වනවා. ඒවත් වැඩි කතා.
අපි ඊළඟට තේරුන් ගන්න ඕනේ USD/LKR වල අගය පෙන්නලා තියෙන්නේ ඩොලර් එකේ වටිනාකම රුපියලේ වටිනාකමෙන් බෙදීම්න් කියල. (LKR ගත්තේ තෙරුන් ගන්න , LKR මම දැකලනම් නා ෆොරෙක්ස් මාකට් එකේ යූස් වෙනවා පහුගිය අවුරුදු 3 :P )
හරි දැන් තේරුම් ගමු මේ වැලියු එක (145.76) වැඩිවෙන්න බලපාන හේතු මොනවාද ?
හේතු දෙකයි
1)එක්කෝ ඩොලර් එක ශක්තිමත් වෙලා එයාගේ වටිනාකම වැඩි වෙනවා
2) නැත්නම් අපේ රුපියලේ අගය අඩුවෙලා දුර්වල වෙනවා

ඒ වගේම USD/LKR අගය අඩුවෙන්නත් හේතු දෙකක් බලපානවා.

1)එක්කෝ ඩොලර් එක දුර්වල වෙලා ඩොලරයේ අගය අඩුවෙනවා
2) නැත්නම් අපේ රුපියල හෙනට සක්තිමත් වෙනවා.
ඉතින් ෆොරෙක්ස් මාකට් එකේදී අපට තියෙන්නේ ඔය වගේ පෙයාර් එකක් තෝරගන ,ඉස්සරහට අනිත් එකට සාපේක්ෂව අගය වැඩිවෙන එක මුදල් දීල අරගන මාකට් එකට දාන එක .ඊළඟට අපි කැමති වෙලාවක අනිත් කරන්සි එකෙන් මාකට් එකෙන් නිදහස් කරගන්න එක.
උදාහරණයක් විදියට දැන් USD/LKR අගය 150.00 කියමු. දැන් මම හිතනවා හෙට වෙද්දී ඩොලර් එක රුපියලට වඩා ශක්තිමත් වෙයි කියලා. මාර්කට් එකට දානවා ඩොලර් 1000 /=
මම වියදම් කළා ඩොලර් 1000 නැත්නම් රුපියල් 150,000/= .
දැන් දවසක් යද්දී USD/LKR අගය 160.00 ගිහින්. ඒ කියන්නේ ඩොලර් එක නැගලා. දැන් මම ෆොරෙක්ස් මාකට් එකෙන් මගේ බිස්නස් එක ක්ලෝස් කරලා සල්ලි ටික ගන්න හදන්නේ. මාකට් එකට දැම්මේ මම ඩොලර්ස් වලින්. මෙතන බිස්නස් කරන්නේ ඩොලර් සහ රුපියල් විතරයි. එහෙනම් මට ආපහු ගන්න වෙන්නේ රුපියල් වලින්.
මගේ ඩොලර් 1000 ට දැන් වටිනාකම ගානේ 160.00 මට ලැබෙනවා RS 160,000/=
දැන් තේරෙනවා මට මෙතන රුපියල් 10000/= ලාබයක් ඇවිත්
මගේ ලාභය රුපියල් 10000/= නැත්නම් දැන් ඩොලර් වලින් කිව්වොත් අද ඩොලර් එකේ වටිනාකම වෙන 160න් බෙදනවා.
එතකොට මට එනවා ඩොලර්ස් 62.50 . ඉතින් මට ඩොලර් 1000 දාල මම ඩොලර් 62.50 ලාභ ගත්ත.
දැන් දෙවෙනි අවස්තාව .
මට හිතෙනවා හෙට වෙද්දී ඩොලර් එක නෙවේ ශක්තිමත් වෙන්නේ රුපියල. මොකද මහා බැංකු අධිපති තුමා මාරුවෙනවා. ඉතින් මට හිතෙනවා එහෙම. එහෙනම් හෙට ඩොලරයට සාපේක්ෂව වටිනාකම වැඩි වෙන්නේ රුපියලේ. (එහෙම හිතමු ඉතින්) .
එහෙම හිතල මම රුපියල් 90000/= (බෙදන්න ලේසි වෙන්න ) දානවා මාකට් එකට. දැන් USD/LKR අගය 150යි. එකියන්නේ මේකේ ඩොලර් වලින් වටිනාකම
90000/150 =600
ඩොලර් 600. හැබැයි මම දාල තියෙන්නේ රුපියල් වලින් හරිය.
දැන් ඔන්න හෙට.
ඩොලර් එකේ ගාන 140ට බැහැල . ඒ කියන්නේ USD/LKR අගය දැන් 140.00
මම මාකට් එකට දැම්මේ රුපියල් වලින්. එහෙනම් මට ආපහු ලැබෙන්නේ අනිත් කරන්සි එකෙන්. USD වලින්.
මම මාකට් එකට දාපු රුපියල් 90000 අද මට ඩොලර් වලින් ලැබෙනවා .
90000 /140 =$642.85
ඒ කියන්නේ මට ඩොලර් වලින් 42.85 ලාභයක් ලැබිල. නැත්නම් රුපියල් වලින්
42.85 * 140 (අද වටිනාකම )= රු 5999/=
හරි මූල්‍ය වෙළඳ පලේ සිද්ධ වෙන්නේ ඔය වගේ වැඩක්. දැන් මේ ගැන හොයල නැති යට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා.
කොහෙන්ද ඔච්චර සල්ලි?
ඔකේ අනික් පැත්ත උනොත් ලොස් නේද ?
අම්මෝ එච්චර පුලුවන් ද?
ඔය කිව්වට ඔහොම රුපියල වෙනස් වෙන්නේ නෑනේ දවසකට රු 10 කින්.
මේ හැම දේකටම උත්තර අපට හොයාගන්න පුළුවන්. ඉඩ ලැබුණු විටක කතාකරමු. පුටෝ එකකුත් දැම්ම ඒක හොයන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ.

4 comments:

  1. නියමයි.... කවද්ද ඊලග ලිපිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන් . ඉක්මනට දානව

      Delete
  2. ඉතාමත් විස්තර සහගතයි... ස්තූතියි. ඊළඟ ලිපිය වෙනුවෙන් බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන් . ඉක්මනටම

      Delete