- GBP = Great British Pound
- EUR = Euro
- CHF = Confoederatio Helvetica Franc (Swiss Franc)
- USD = United States Dollar
- CAD = Canadian Dollar
- JPY = Japanese Yen
- AUD = Australian Dollar
- NZD = New Zealand Dollar
දියුණු රටවල මුදල් ඒකක ටික තමයි ඉතින් ඒ වගේම ඒවාට යෙදෙන සංකේත ටිකත් මතක තියගත්තම හොඳයි. අඩුම ගානේ දැනට දැක්කම ආ මේ යුරෝ, මේ ඩොලර් කියල හඳුනාගන්න පුලුවන්නම් ඇති. අනිත් දේ තමයි මම කිව්වේ මාකට් එකේ අපට හම්බෙන්නේ කරන්සි දෙකක පෙයාර් එකක් විදියට කියල. ඉතින් ඔය ඕනෑම එක කරන්සි එකක් තවත් එකක් එක්ක එකතු වෙලා පෙයාර් එකක් හැදෙන්න පුළුවන්. එතකොට අපිට පෙයාර් ගොඩක් දකින්න ලැබෙනවා. ඒත් හැමෝම හැම පෙයාර් එකකම එල්ලෙන්නේ නෑ. බහුතරයක් අය අතගහන කරන්සි පෙයාර් තියනවා. ඒවා අපි ප්‍රධාන යුගල (Major Currency Pairs) විදියට අඳුන්වනවා . ඒවා ඇමරිකන් ඩොලරය එක්ක තවත් එකක් එකතු වෙලා හැදෙන ඒවා.
- EUR/USD
- GBP/USD
- USD/JPY
- USD/CHF
- USD/CAD
- AUD/USD
ඉතින් දැන් මේවා දැක්කාම පෙයාර්ස් අපිට අඳුරගන්න පුළුවන්. මීට අමතරම ඇමරිකන් ඩොලර් එක සම්බන්ද නොවෙන පෙයාර්ස් ගොඩකුත් තියනවා .
EUR/JPY
GBP/JPY..........................
EUR/USD පෙයාර් එකේ වැලියු එකෙන් කියවෙන්නේ යුරෝ එකක වටිනාකම ඩොලර්ස් වලින් කීයද කියල.
USD/JPY පෙයාර් එකේ වැලියු එකෙන් කියවෙන්නේ ඇමරිකන්එ ඩොලර්ක එකක වටිනාකම ජපන් යෙන් වලින් කීයද කියල.
හරි දැන් මේ පහල ප්‍රස්තාරේ බලන්න. සාමාන්යෙන් වැඩි පිරිසක් පෙළඹිලා තියෙන්නේ මොන පෙයාර් එකත් එක්කද කියල අදහසක් ගන්න පුළුවන් අපට.
ඉතින් ඉහලම ඉල්ලුවම්ක් තියෙන්නේ EUR/USD, GBP/USD වගේ පෙයාර්ස් වලට කියල පේනවා ඇති. ඒවාට හේතු අපි පසුව කතාකරමු.
දැන් අපි ඊළඟ දේ තැනට යමු. ඒ තමයි අපට කොහෙද ෆොරෙක්ස් මාකට් එක තියෙන්නේ ?
එක තැනක නෙවේ. ලෝකේ ප්‍රධාන රටවල් බොහොමයක තියනවා. වැඩි විස්තර හොයාගන්නත් පුළුවන්. ඇමෙරිකාවේ එංගලන්තේ ඕස්ට්‍රේලියා ජපන් මේ විදියට ගොඩක් රටවල තියනවා. ඒ නිසා කොටස් වෙළඳ පලේ වගේ නෙවේ දවසේ පැය 24ම වගේ දවස් පහේම අපට ට්‍රේඩ් කරන්න පුළුවන්.
හරියටම කිව්වොත් ලංකාවේ අපේ වේලාවෙන්
සඳුදා උදේ පාන්දර 3 : 35 ඉඳලා සෙනසුරාද පාන්දර 3:20 වෙනකන් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්
ඒත් ට්‍රේඩ් නොකරන්න ඕන සහ කරන්න ඕන වෙලාවල් අපි වෙනම ඉගන ගන්න ඕනේ. ඒක අපි තෝරාගන්න පෙයාර්ස් අනුව වෙනස් වෙනවා.
ඊළඟ දේ තමා අපිට කෙලින්ම ගිහින් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බෑ. කොටස් වෙළඳ පලේ වගේම අපිට මූල්‍ය වෙලන්දපලෙත් ආයෝජනය කරන්න වෙන්නේ බ්‍රෝකර් කෙනෙක් හරහා. ඉතින් බ්‍රෝකර් කෙනෙක් හොයාග්නිත්දිත් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක් තියනවා. ඒවා ගැන ඉදිරි ලිපියක බලමු.
දැන් මේ පහල තියෙන්නේ තියෙන්නේ බ්‍රෝකර් කෙනෙක් දීල තියන ඒ ඒ පෙයාර්ස් වලට මේ මම ගත්ත වෙලාවේ අදාළ වටිනාකම්.
අපිට මේ වටිනාකම් එක එක විදියට පෙන්නන්න පුළුවන්. මේකේ විදියට තියෙන්නේ EUR/USD වල වටිනාකම
EUR/USD 1.11365 / 418
මෙතැනදී අපිට වැලියුස් දෙකක් දීල තියනවා ඒක අපට මේ විදියට හදාගන්න පුළුවන් .
පලවෙනි වැලියු එක සලකා බැලුවොත් ඒ සඳහන් වෙන විදියට
EUR/USD =1.11365
ගොඩක් සමාගම් මෙම අගයන් දශමස්තාන 5කට පෙන්නනවා. සමහරු පෙන්නන්නේ 4ක් විතරයි. ඒවගෙත් වාසි අවාසි තියනවා ටිකක්. ඒවා අපි බ්‍රෝකර් කෙනෙක් තෝරාගන්න යද්දී සලකා බලමු.
දැන් මේ EUR/USD =1.11365 මොහොතින් මොහොත වෙනස් වෙනවා . ලොකු ගණන් නෙවේ පොයින්ට්ස් කීපයකින් නැත්නම් පිප්ස් කීපයකින්. එතකොට මොනවාද මේ පොයින්ට්ස් මොනවාද මේ පිප්ස් .මේකත් හොඳටම ඔලුවේ තියෙන්න ඕනේ කතාවක්.
පිප්ස් පොයින්ට් කියන්නේ මේ වටිනාකම් වල වෙනස මනින ඒකක දෙකක්. ඉහත අපි කතා කරපු උදාහරණයේ (EUR/USD =1.11365 ) පස්වෙනි දසමස්තානයේ ඒකකයකින් සිදුවන වෙනසක් අපි පොයින්ට් එකක් කියල කියනවා . ඒ කියන්නේ EUR/USD අගය 1.11365 ඉඳන් 1.11366 වෙනස් උනා කියන්නේ එතන වෙනස පොයින්ට් එකයි.
1.11366 - 1.11365 = 0.00001
මේ වෙනසකට තමා අපි පොයින්ට් එකක් කියල කියන්නේ .
පිප් එකක් කියන්නේ පොයින්ට්ස් 10ක් නැත්නම් හතරවෙනි දශමස්තානයේ ඒකකයකින් සිදුවන වෙනස් කමක්. ඒ කියන්නේ EUR/USD අගය 1.11360 ඉඳන් 1.11370 වෙනස් උනා කියන්නේ එතන වෙනස පිප් එකයි.(නැත්නම් පොයින්ට්ස් 10යි)
1.11370 - 1.11360 = 0.00010
මේ වෙනසකට තමා අපි පීප් එකක් කියල කියන්නේ
ඒ අනුව අපිට පිප්ස් පොයින්ට්ස් සම්බන්ධය තේරුම් ගන්න පුළුවන්.
මේක පොඩ්ඩක් වෙනස් වෙනවා ජපන් යෙන් (JPY) ආවම. එතකොට පීප් එකක් කියන්නේ දෙවෙනි දශමස්තානේ ඒකකයකින් වෙන වෙනසකට. පොයින්ට් එකක් කියන්නේ තුන්වෙනි දසමස්තානේ ඒකකයකින් වෙන වෙනසකට.
උදා :
USD/JPY අගය 102.75 ඉඳන් 102.76 වෙනස් උනා කියන්නේ වෙනස පීප් එකයි. නැත්නම් පිප් එකකින් වැඩිවෙලා. එහෙමත් නැත්නම් පොයින්ට්ස් දහයකින් වැඩිවෙලා.
USD/JPY අගය 102.753 ඉඳන් 102.754 වෙනස් උනා කියන්නේ වෙනස පොයින්ට් එකයි. මෙතන බ්‍රෝකර් පෙන්නන්නේ USD/JPY දෙවෙනි දසමස්තානෙට විතරයි.
මේක පැහැදිලි නැත්නම් දෙතුන්පාරක් කියවල තේරුම් ගන්න. පුළුවන් තරම් සරලව තමා දැම්මේ. තෙරුනෙම නැත්නම් අහන්න.
ඊළඟට අපි දැක්ක EUR/USD 1.11365 / 418 මේකේ තවත් අගයක්. මේ ඇත්තටම තියෙන්නේ 418 නෙවේ 1.11418 කියලා.
එතකොට ඇත්තටම එතන පෙන්නලා තියෙන්නේ
EUR/USD 1.11365 / 1.11418 විදියට මේ විදියටම පෙන්නන අවස්ථාත් තියනවා. ඉතින් දැන් කොයි විදියට තිබ්බත් තේරුම් ගන්න පුළුවන්.
මොකද මේ අගයන් දෙකක්. අපි මේ කරන්සිස් මාරු කරනකොට බ්රෝකර්ට අයකරන ගාන කියල හිතාගන්නකෝ. ඒ කියන්නේ අපි ලංකාවේදීත් අහල තියනවනේ විදේශ මුදල්වල ගැනුම්මිල විකුණුම් මිල කියල එකක්. ඒ වගේ තමයි.
හරි දැන් තේරෙනවා අපි ට්‍රේඩ් එකක් දැම්මම බ්‍රොකර්ට ගානක් යනවා කියලා. මේක උදාහරණයකින් සරල ක්‍රමයකට අපි පැහැදිලි කරගනිමු.
1) මම හිතනවා ඉස්සරහට තියන පැය කීපයේදී ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව යුරෝ එක ඉහල යයි කියල.
2) ඒ කියන්නේ දැනට තියන EUR/USD 1.11365 අගයෙදී තමා අපි ට්‍රේඩ් එක ඕපන් කරන්නේ.
3) ඒත් අපට ප්රෝෆිට් ලැබෙන්න ගන්නේ EUR/USD අගය 1.11418 පහු කලාට පස්සේ. එතෙක් ඒවා ලැබෙන්නේ බ්රෝකර්ට.
4) ඉතින් මම මිනිත්තු කීපයකින් EUR/USD 1.11595 දී ට්‍රේඩ් එක ක්ලෝස් කළා.
දැන් අපි සිදුවීම සලකා බලමු.
මම ට්‍රේඩ් එක ඕපන් කරපු වෙලාවේ ඉඳන් ක්ලෝස් කරන වෙලාව එනකන් EUR/USD පෙයාර් එකේ වෙනස් වීම හොයාගමු .
1.11595 - 1.11365 =0.00230
දැන් මේ වෙනස් වීම පිප්ස් වලින් කීයද ?
පිප් එකක් කියන්නේ හතරවෙනි දසමස්තානේ ඒකකයක වෙනසක් නිසා දශම තිත ඉලක්කම් 4ක් දකුණට ගෙනියනවා. එතකොට පිප්ස් 23යි. තිත සන්ක්‍යා 5ක් ගෙනගියාම පොයින්ට්ස් ගාන එනවා. 230 යි. පුරුදු උනාම හිතෙන් හදාගන්න පුළුවන්
ඒත් අපිට ඇත්තටම එන්නේ EUR/USD අගය 1.11418 පහු කලාට පස්සේ එන පිප්ස් ගාන විතරයි.
1.11595 - 1.11418 =0.00177
ඉතින් මේ කියන්නේ පිප්ස් 17.7 නැත්නම් පොයින්ට්ස් 177. පිප්ස් වලට විතරක් ගෙවන බ්රෝකර්සලා ගෙවන්නේ පිප්ස් වලට විතරයි වගේම එයාල පොයින්ට්ස් ගැන සලකා බලන්නේ නෑ කියලත් ඔහොමම මතක තියාගන්න
දැන් මේ ට්‍රේඩ් එකේදී බ්‍රෝකර් අපෙන් පිප්ස් කීයක් අයකරගත්තද ? ඒක හොයන්න ලේසිම ක්‍රමේ Ask Price එකෙන් Bid Price එක අඩු කරන එක .
EUR/USD 1.11365 / 1.11418
(ask) (bid)
අවුල් වගේනම් ලොකු එකෙන් පොඩි එක අඩු මොකටද රටාවල්.
1.11418 - 1.11365 = 0.00053 (පිප්ස් 5.3 /පොයින්ට්ස් 53)
ඒ කියන්නේ සාමාන්යෙන් මේ බ්‍රෝකර් අපි EUR/USD පෙයාර් එකෙන් දාන ට්‍රේඩ් එකකින් පොයින්ට්ස් 53 අය කරනවා. මේකට තමයි අපි Spread එක කියල කියන්නේ.
මේක පෙයාර් එකෙන් එකට වෙනස් වෙනවා. ඉතින් අපි බ්‍රෝකර් කෙනෙක් තොරගනිද්දී මේ Spread එක අඩුම කෙනෙක් තෝරාගන්න එක ලාබයි.
ඉතින් මේ පිප් එකක් කියන්නේ ඩොලර් කීයක්ද පොයින්ට් එකක් කියන්නේ ඩොලර් කීයක්ද කියල ඊළඟ ලිපියෙන් බලමු. ටිකක් දිග වැඩි උනාද මන්දා . නොතේරුණු තැනක් තිබුනොත් අහන්න.
මෙතනින් පස්සේ ඔයාලට කරන්සි පෙයාර් එකක් දැක්කම අදාළ කරන්සි දෙක අදුරගන්න පුලුවන්ද ?
පීප් (pip) එකක් කියන්නේ මොකද්ද ?
පොයින්ට් (point) එකක් කියන්නේ මොකද්ද ?
.පිප් (pip) එකට පොයින්ට් කීයද ?
Spread කියන්නේ මොකද්ද ?
මේවට පැහැදිලි පිලිතුරු තියනවනම් ප්‍රමාණවත්. ඉන්න ගමන් උඩ තියන වගුවට අනුව මේ බ්‍රොකර්ගේ එක එක පෙයාර් එකට අදාළ Spread එක හොයන්න . එතකොට තවත් පැහැදිලි වෙයි. අවසාන වශයෙන් මම මේ වගුව ගත්තේ සෙනසුරාද දවසක නිසා තමා මෙච්චර Spread එකක් තියෙන්නේ. මාකට් වහල නිසා. නැත්නම් සාමාන්යෙන් පිප්ස් 2 වගේ තමා වෙන්නේ EUR/USD වලට..

ඇයි EUR/USD කියන එකට ගොඩක් අය පෙළඹෙන්නෙ? ස්තූතියි පැහැදිලි කිරීම්වලට.... සරල බසින් නිසා තේරුම් ගැනීමට පහසුයි...
ReplyDeletedigatama liyanna. matath ahaganna dewal tiyei
ReplyDeletePost eka gdk hondai.Pahadiliy.digatama liynn bro....
ReplyDeleteමාකට් එක තේරුම් කරලා දුන්නට පස්සේ අපිට ෆොරෙක්ස් සොෆ්ට්වෙයා එකත් තේරුම් කරලා දෙන්න ස්ක්‍රීන්ෂොට් එක්ක :)
ReplyDelete